මේ වසරේ උද්ධමනය 5% ක තබාගැනීම රජයේ ඉලක්කය බව මුදල් රාජ්‍ය ඇමති කියයි
2024-01-02 16:10:34
Share with:

උද්ධමනය තනි ඉලක්කමක පවත්වාගෙන යාමට හැකි වී තිබීම ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය තහවුරු කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.  

2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11.2% ක් වූ බවත්, එය 2026 වසරේ දී 15% ක් දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවත් හෙතෙම කියාසිටී. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.   

2022 වසරේ උද්ධමනය 70% ක පමණ මට්ටමක පැවති අතර, එය 2024 වසරේ දී 5% මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම