ලොවට නිශ්චිතතාව රැගෙන ඒමට තම රට ගත් උත්සාහය ජගත් ප්‍රජාව මැනැවින් දන්නා බව චීනය අවධාරණය කරයි
2024-01-02 17:11:29
Share with:

විවිධ විපර්යාස පිරි ලෝකයට නිශ්චිතතාව රැගෙන ඒමට චීනය ගත් උත්සාහය ජගත් ප්‍රජාව මැනැවින් දන්නා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ අද (2) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 ජගත් ප්‍රජාව සමග එක්ව මානව වර්ගයාගේ අනාගතය මෙන්ම ජනතාවගේ සුබසෙත කේන්ද්‍ර කර ගනිමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම තුළින් වඩාත් සුන්දර ලෝකයක් ගොඩනැංවීමට චීනය සූදානම් බව ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ නව වසරේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. චීනය ඒ වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් දරන ප්‍රයත්න කෙබඳු දැයි එම මාධ්‍යවේදියා විමසීය.

   වසර 2024 නව චීනය පිහිටුවීමේ 75 වැනි සංවත්සර වසර යි. චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදය පිළිබඳ නවයුගයේ ෂී ජින්පිං මහතාගේ චින්තනය අනුව, චීන මාදිලියේ නවීකරණ ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ දී ස්වයං විශ්වාසය, ස්වයං ශක්තිය, විවෘතභාවය, සාධාරණබව, සහයෝගතාව හා පොදු ජයග්‍රහණ පිළිබඳ මූලධර්මය මත පිහිටා චීනය ක්‍රියා කරනු ඇතැයි වං වෙන්බින් මහතා පෙන්වා දුන්නේය. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩනැගීමේ සංකල්පය යටතේ පැවරෙන ඓතිහාසික වගකීම වඩා සක්‍රිය ලෙස භාරගනිමින්, ඉහළ නිර්මාණශීලිත්වයෙන් හා චීන අනන්‍යතාවයෙන් යුතුව දැවැන්ත රටක රාජ්‍යතාන්ත්‍රික පැවැත්ම නිසිලෙස ක්‍රියාවට නැංවීමට චීනය පියවර ගනු ඇත. එසේම, ලොව රටවල් එක්සත්ව ගෝලීය අභියෝගයන්ට මුහුණ පාමින්, පොදු සමෘද්ධිය ළඟා කරගැනීම ප්‍රවර්ධනය කිරීමෙහි චීනය නියැලී සිටින බව ද වං වෙන්බින් මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම