චීනය සහ තායිලන්තය අතර අන්‍යෝන්‍ය වීසා බලපත් රහිත ප්‍රතිපත්තිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම්
2024-01-02 16:27:23
Share with:

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද (2) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය. එළඹෙන මාර්තු මාසයේ සිට චීනය සහ තායිලන්තය අන්‍යෝන්‍ය වශයෙන් දෙරටට පිවිසීමේ දී  වීසා බලපත් රහිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනු ඇති බවට තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වං වෙන්බින් මහතා මේ බව පැවසීය. චීනය හා තායිලන්තය මානව හුවමාරු තහවුරු කරමින් අන්‍යෝන්‍ය ලෙස වීසා බලපත් රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම දෙරට ජනතාවගේ මූලික ජයග්‍රහණයන්ට ගැලපෙන බව හෙතෙම පැවසීය. 

දැනට දෙරට බලධාරීහු අදාළ අංශ සම්බන්ධයෙන් සමීපව අදහස් හුවමාරු කරමින් සිටිති. අදාළ ප්‍රතිපත්තිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට චීනය ද අපේක්ෂා කරන බව වං වෙන්බින් මහතා සඳහන් කළේය.   

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම