සියලුදෙනා කැපවීමෙන් ක්‍රියා කර නව වසර සමෘද්ධිමත් කරගත යුතු බව ජනපති කියයි
2024-01-01 17:20:00
Share with:

2024 නව වසරට අප පිය නගන්නේ ශ්‍රී ලංකාව යළි නගා සිටුවීමේ අභියෝගය හා අපේක්‍ෂාව හදැතිව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. පුද්ගලික අපේක්‍ෂාවන් කොතෙක් තිබුණ ද, ඒ සියල්ල සාර්ථක කරගැනීමට නම් අපගේ මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහළට ඔසවා තැබීම අනිවාර්ය වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

පසුගිය වසර පුරා ජනතාව කළ කැපකිරීම් සහ විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට හැකි වූ  බවත්, ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මේ මගෙහිම තවත් ඉදිරියට යා යුතු බවත් ජනාධිපතිවරයා කියාසිටී. එම අභියෝගාත්මක දුෂ්කර ගමනේ දී සියලු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙයි. රට යළි ගොඩ නැංවීම වෙනුවෙන් ඉටු කළ යුතු ඒ වගකීම නිසි ලෙස හඳුනා ගැනීම අප සතු කාර්යයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. 

වගකීමෙන් යුතුව වෙහෙසීමෙන් හා කැපවීමෙන් කටයුතු කර නව වසර සෞභාග්‍යවත් කර ගන්නැයි හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම