2023 වසරේ අනුමත සියලු ගෙවීම් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කෙරේ
2024-01-01 17:22:23
Share with:

පාර්ලිමේන්තුව විසින් අනුමත කෙරුණු 2023 වසරේ අයවැය ප්‍රතිපාදනවලට යටත්ව එම වසරේ දෙසැම්බර් 15 වැනිදා දක්වා සියලු රජයේ ආයතන විසින් සහතික කරන ලද සියලුම බිල්පත් සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කළ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව, පසුගිය වසර 25 ක කාලය තුළ වසරකට අනුමත සියලු ගෙවීම් සම්පූර්ණ කළ එකම වසර බවට 2023 වසර පත්වේ.

2023 වසරේ දෙසැම්බර් 19 වැනිදා වනවිට විශ්‍රාම ගිය සියලු නිලධාරීන් සඳහා ද පාරිතෝෂික දීමනා නිසි පරිදි ගෙවීමට අවශ්‍ය අරමුදල් ද මහා භාණ්ඩාගාරය විසින් නිදහස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය තවදුරටත් කියාසිටී. ඊට පෙර මාස 18කට අධික කාලයක් තුළ එකතු වී ගෙවිය යුතුව තිබූ හිඟ විශ්‍රාමික පාරිතෝෂික මුදල් ද මීට ඇතුළත් ය. 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම