2024 නව වසර වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සුබ පැතුම්
2024-01-01 15:02:00
Share with:

2024 වසරේ ජනවාරි මස පළමු වැනිදා, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා CGTN, චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය සහ අන්තර්ජාලය මගින් විදේශ රසිකයන් වෙත නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවුඩය:

හිතවත් මිත්‍රවරුනි,

නව වසරේ පළමු හිරු කිරණ විඳිමින්, අපි අපේක්ෂාවලින් සපිරෙන 2024 වසර පිළිගන්නෙමු. බෙයිජිං නුවර සිට මාගේ සුබපැතුම් ඔබට පිරිනමමි.

ගෙවී ගිය 2023 වසර තුළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පළමු සමෘද්ධිමත් දශකය සම්පූර්ණ කරමින් සුන්දර මල් හා ප්‍රශස්ති වැයුම් මැද චීනය ලෝකය සමග අත්වැල් බැඳගෙන ඉදිරියට ගමන් කර තිබේ. මෙම සමෘද්ධිමත් මාවතේ චීන මාධ්‍ය සමූහය බහුපාර්ශ්වික ශිෂ්ටාචාර හුවමාරු ප්‍රවර්ධනය කරමින් කාච හා වාර්තා තුළින් ගැණිය නොහැක තරම් ලොව සුන්දරත්වය හා හැඟුම්බර දෑ සටහන් කර තිබේ.

ගෙවී ගිය වසර තුළ අපි සිතුවිලි , කලාව හා තාක්ෂණය මුසු කරමින් මාධ්‍ය කටයුතු නව මට්ටමකට ගෙන ගොස් තිබේ. “ ෂී ජින්පිං ප්‍රිය කරන සම්භාව්‍ය කතාන්දර ” විශේෂ වැඩසටහනේ දෙවැනි මාලාවේ බහු භාෂා සංස්කරණ රටවල් 80කට වැඩි සංඛ්‍යාවක විකාශනය කර තිබේ. “සංස්කෘතික සන්දර්භයෙන් ඉතිහාසය අවබෝධය ලබාගැනීම ” “ පුරාවස්තු මගින් පැරණි චීනය සේවීම ” “ ශිෂ්ටාචාරය අවබෝධ කරගැනීම” “ උණ බට පතුරු ඔස්සේ චීන ශිෂ්ටාචාරය ගවේෂණය කිරීම ” ඇතුළු විශිෂ්ට සංස්කෘතික වැඩසටහන් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබේ. Hangzhou ආසියානු ක්‍රීඩා උළෙල වාර්තාකරණයේ ප්‍රේක්ෂක නැරඹුම් වාර ප්‍රමාණය වාර්තගත ලෙස බිලියන 41.4 කට ළඟා විය . 

ගෙවී ගිය වසර තුළ චීන මාධ්‍ය සමූහයේ මිත්‍ර සබඳතා වඩාත් උද්යෝගී අයුරින් වර්ධනය විය. පැරණි මිතුරන් හා නව මිතුරන් වඩ වඩා‍ත් සමීප වී තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සමග චීන මාධ්‍ය සමූහය සහයෝගිතා ගිවිසුම් 58 කට අත්සන් තබමින් දෙවන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංවාද මණ්ඩපය, ආසියාන් සංගම් හවුල්කාරී මාධ්‍ය සහයෝගිතා සංසදය, අප්‍රිකානු හවුල්කාරී මාධ්‍ය සහයෝගිතා සංසදය සාර්ථකව පවත්වා තිබේ. චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය හා ලෝකය තේමා කර ගන්නා ගෝලීය මාධ්‍ය ක්‍රියාකාකරම් 51ක් හා “ශිෂ්ටාචාරය ඔස්සේ චාරිකාවක් ”ගෝලීය ප්‍රදර්ශන 8ක් මගින් විවිධ රටවල මිතුරන් සමග සාමකාමී සහජීවනය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගිතා, පොදු සමෘද්ධිය සහිත සුන්දර නවීකරණ දැක්ම ද  ඒකාබද්ධව බිහි කර තිබේ.

වත්මන් ලෝකයේ  අස්ථාවරත්වයන් ගෙන් පිරී ඇත.‍ මෙය සාමය, වර්ධනය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණ ලොවට අත්‍යවශ්‍ය කාලයකි. චීන සංකල්ප හා යෝජනා පිළිබදව වඩාත් වැඩි ජාත්‍යන්තර මිතුරන් ක්‍රමයෙන් සිය අවබෝධයන් වර්ධනය කර ගනිමින් ඊට අනුබල දෙමින් සිටිනු දැකීම අපට ප්‍රීතිය ගෙන දෙන්නකි. APEC සමුළුව අතරතුර ඇමරිකාවේ San Francisco නුවරදී චීන මාධ්‍ය සමූහය විසින් සංවිධාන කරන ලද චීන-ඇමරිකා සංස්කෘතික හුවමාරු පිළිබඳ මිත්‍ර සංවාදයට උණුසුම් ප්‍රතිචාරයක් හිමිවිය. 100 හැවිරිදි ඇමරිකානු ස්වේච්ඡා කණ්ඩායමේ සාමාජික Harry Moyer මහතා ඊට සහභාගිවූ විශේෂිත අමුත්තෙකි. ඔහු මා සමග පවසා සිටියේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැංවීම යන සංකල්පය ජනතාවගේ පොදු මතය නියෝජනය කරන්නක් බවයි. චීනයට යළි පැමිණීමෙන් පසු මා හට ඇමරිකාවේ Lincoln මධ්‍ය විද්‍යාලයේ දරුවන් අතින් සෑදු තැපැල්පත්, ලෝක ගෝල, කුඩා ආභරණ ලැබිණ. එම සුරතල් තෑගි මගින් සාමය, මිතුදම හා පොදු සුන්දරත්වය වෙනුවෙන් දරුවන් තුළ ඇති අපේක්ෂාවන් මා හට දැනිණ.

වත්මන් ලෝකයේ විශාලතම පරිමාණය සහිත බහුවිධ මාධ්‍ය සමූහයක් වන චීන මාධ්‍ය සමූහය ස්ථාපිත වී වසර 5ක් ගතව තිබේ. මුල් කාලයේ නව කාර්යයන් ආරම්භ කිරීමේ සිට වර්තමානයේ ලොව පුරා විශාල බලපෑම් සහිත වාර්තාකරණයන් සිදු කිරීම දක්වා චීන මාධ්‍ය සමූහය වර්ධනය වී තිබේ. ගත වූ වසර තුළ ‍එතෙර වාර්තාකරණ ස්ථාන 191ක් ස්ථාපිත කරමින් රටවල් හා ප්‍රදේශ 67ක විකාශන ජාලය ඉදිකිරීම අවසන් කර තිබේ. CGTN නාළිකාවේ ජාත්‍යන්තර භාවිත කරන්නන්ගේ ප්‍රමාණය ප්‍රථම වරට කෝටි 70 ඉක්මවා ගොස් තිබේ. ප්‍රධාන ජාත්‍යන්තර වාර්තාකරණ අවස්ථාවල චීන මාධ්‍ය සමූහය බොහෝ වරක් ලොව ප්‍රථම තොරතුරු මූලාශ්‍ර බවට පත්ව තිබේ. ජාත්‍යන්තර ඉහළ මට්ටමේ නව ප්‍රධාන මාධ්‍ය ගොඩනැගීමේදී “සියලු වැඩසටහන් හොඳම වැඩසටහන්” යන අරමුණ ‍වෙනුවෙන් අපි අඛණ්ඩව උත්සාහ දරමු.

ආදරණීය මිත්‍රවරුනි, චීනයේ සාම්ප්‍රදායික ලිත් ක්‍රමයට අනුව, 2024 වසර මකරාගේ වසරයි. මකරා යනු චීන ශිෂ්ටාචාරයේ යහපත සහ වාසනාව කියාපාන මිත්‍යා සත්ව සලකුණකි. සියලු දෙනාගේ සමෘද්ධිය, සම ප්‍රතිලාභ‍ මෙන්ම වෙනස්කම් පිළිගැනීම සහ සුසංගත සහජීවනය ඉන් සංකේතවත් කෙරේ. නව ගමනක නිරතව සිටින චීන ජනතාව 2024 වසරේදී චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 75 වැනි සංවත්සරය පිළි ගනු ඇත. චීන මාධ්‍ය සමූහය උද්‍යෝගිවත්, අධිෂ්ඨානයෙන්, මනා ජීවශක්තියෙන් වඩාත් වැඩි විශිෂ්ට දෙස් විදෙස් තොරතුරු යුහුසුලුව ලොවට තිළිණ කරමින් මානව ශිෂ්ටාචාරයේ නූතන පරිච්ඡේදය නිර්මාණය කරමින් නව වසන්තය ඒකාබද්ධව ‍පිළි ගැනීමට සූදනමින් සිටී.

යළිත් වරක් නව වසර වෙනුවෙන් මම ඔබටත් සමස්ත ලෝකයටත් සුබ ප්‍රාර්ථනා කරමි. සුබ නව වසරක් වේවා!

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම