චීන ඇමරිකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයේ 45 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරට ජනපතිවරු සුබ පැතුම් හුවමාරු කර ගනිති
2024-01-01 16:03:40
Share with:

චීනය හා ඇමරිකාව අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සුබ පැතුම් හුවමාරු කර ගනිති.

චීනය හා ඇමරිකාව සබඳතා පැවැත්වීමේ නිවැරදි ක්‍රමවේදය වන්නේ අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම, සහයෝගතා හා පොදු ජයග්‍රහණ සහිත මාර්ගය වන බව ඉතිහාසයෙන් පිළිබිඹු වූ අතර නව යුගයේත් එය දෙරට ඒකාබද්ධව ගමන් කිරීමේ දිශාව විය යුතු බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. බයිඩන් ජනාධිපතිවරයා සමග සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වූ හමුව, ‘අනාගතය උදෙසා සැන් ෆ්‍රැන්සිස්කෝ දැක්ම’ ආරම්භ කරමින් චීන- ඇමරිකා සම්බන්ධතාවයට සුදුසු දිශානතිය පැහැදිලි කර ඇත. දෙපාර්ශ්වය එම හමුවෙන් පැමිණි එකඟතා ක්‍රියාවට නංවමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ විධිමත්, ස්ථාවර හා අඛණ්ඩ සංවර්ධනය ප්‍රායෝගිකව සහතික කළ යුතු බව ද ඔහු පැවසීය. 

බයිඩන් ජනාධිපතිවරයා සමග එක්ව දෙරට සම්බන්ධතාවයේ වර්ධන දිශාව මනාව පාලනය කරමින්, දෙරටටත්, දෙරට ජනතාවටත් සුබසෙත සලසා දෙමින් ලෝක සාමය හා සංවර්ධන ව්‍යායාමය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

වසර 1979 දී රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමෙන් පසුව ඇමරිකා-චීන සම්බන්ධතාවය, දෙරටේත් මුළු ලෝකයේත් සමෘද්ධිය හා අවස්ථා ප්‍රවර්ධනය කර ඇතැයි ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. චීනය සමග එම වැදගත් සම්බන්ධතාවය වගකීමෙන් යුක්තව පාලනය කිරීමෙහි තමා නියැලී සිටින බව ද ඔහු පැවසීය. දෙරටේ හිටපු රාජ්‍ය නායකයන් අතර මෙන්ම, ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග තමා පැවැත්වූ හමුවලින් හා සාකච්ඡාවලින් ලද ප්‍රගතීන් මත පදනම් ව ඇමරිකා-චීන සම්බන්ධතාව තවදුරටත් ඉදිරියට මෙහෙයවීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම