2024 වසරේ දී පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම චීනයේ අභිලාෂය යි
2024-01-01 16:57:51
Share with:

ගත වූ 2023 වසර චීනයේ වසංගත පශ්චාත් ආර්ථිකය ප්‍රකෘතිමත් වී ඇති වසරකි. විවිධ අභියෝගයන්ට මුහුණ පෑව ද, 2023 වසරේ චීනයේ ආර්ථිකය අඛණ්ඩව සංවර්ධනය වී ඇති අතර, දශක දෙකක පමණ කාලයක් ඇතුළත ආහාර බෝග අස්වනු වාර 20 ක් සම්පූර්ණ කිරීමට සමත් විය.

දුෂ්කරතා මැඩපැවැත්වීම සඳහා චීනය සතු මෙම විශාල ශක්තිය උපදින්නේ කෙසේද යන පැනයට පිළිතුරු දෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසා ඇත්තේ, අපගේ අරමුණ උදාර මෙන්ම සරල වන බවත්, එනම් ජනතාවට වඩා යහපත් ජීවිතයක් ලබා දීම බවත් ය.

කෙසේ වෙතත්, නව වසර උදා වන මෙම අවස්ථාවේදී ලෝකය තවමත් නොසන්සුන් තත්ත්වයක පවතී. ‍ගෙවී ගිය වසර පුරාම චීනය සාමය සඳහා කැප විය. ගෝලීය තත්ත්වය ‍කෙසේ වෙනස් වුවද, සාමය,  සංවර්ධනය, සහයෝගිතා හා පොදු ජයග්‍රහණ සහිත තම ගමන් මාර්ගය නොවෙනස් දිශාවකට යොමු ව ඇති බව චීනය විශ්වාස කරයි. “යුක්‍රේන අර්බුදයේ දේශපාලන විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරය" හා"පලස්තීන-ඊශ්‍රායල් ගැටුමේ විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරය" නිකුත් කිරීම, ගැටළු සාමකාමීව විසඳීම සඳහා බොහෝ නිලධාරීන් යෙදවීම ඇතුළු විවිධ පියවර චීනය ගෙන ඇත.  එම සාමය සඳහා උත්සාහයන් ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් පිළිගැනීමකට ද ලක්ව ඇත.

පසුගිය වසරේ ලෝක ආර්ථික ප්‍රකෘතිය මන්දගාමී වූ අතර, ආහාර හා බලශක්ති අර්බුද, මිල ඉහළ යාම යනාදිය බොහෝ රටවල ජනතාව දැඩි පීඩනයකට ලක් කර ඇත. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතරින්, 2023 පළමු කාර්තු තුන තුළ චීනයේ ආර්ථිකය 2022 වසරේ සමාන කාලයට වඩා 5.2% කින් වර්ධනය වූ අතර, එය ලෝක ආර්ථිකයේ විශාලතම එන්ජිම ලෙස පවතී.

නව ආරම්භක ලක්ෂ්‍යයක දී චීනය තමා පමණක් නොව ලෝකය ද මනසේ තබාගෙන සිටී. 2024 වසරේ, ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව අභියෝගයන් මැඩපවත්වා පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාව යි..

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම