ලොව ඉහළම උස් බිමේ පිහිටි විශාලතම සුළං විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඇරඹීමට චීනය පියවර ගනී
2024-01-01 18:28:57
Share with:

ලොව ඉහළම උන්නතාංශ ප්‍රදේශයේ පිහිටි විශාලතම සුළං විදුලි බලාගාරය සම්පූර්ණ ධාරිතාවයෙන් විදුලි උත්පාදන කටයුතු අරඹයි. චීනයේ ටිබෙට් ස්වායත්තයේ Naqu හි ස්ථාපනය කර ඇති එම බලාගාරයේ කටයුතු අද (1) පෙරවරු 10 ට ආරම්භ කෙරිණ.

සුළං මෝල් 25 ක් පූර්ණ ධාරිතාවෙන් විදුලි උත්පාදනය කිරීම මෙහිදී  නිල වශයෙන් ආරම්භ කර ඇත. 

මෙම බලාගාරය චීනයේ ඉහළම උස් බිමේ පිහිටි විශාලතම තනි ඒකක ධාරිතාව සහිත සුළං විදුලි උත්පාදන ඒකකය වේ. එහි සමස්ත  ධාරිතාව මෙගාවොට් 100කි. ටිබෙට් ස්වායත්තයේ මෙගාවොට් 100 කින් යුතු පළමුවැනි සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ද මෙය වීම විශේෂත්වයකි. විදුලි උත්පාදනය සම්පූර්ණ ධාරිතාවයෙන් ඇරඹීමෙන් පසු මෙමගින් Naqu ප්‍රදේශයේ ලක්ෂ 2.3 ක පමණ ජනගහණයක විදුලි අවශ්‍යතාව සපුරා ලිය හැකිය. වසරකට පවිත්‍ර බලශක්තිය  කිලෝවොට්.පැය(kWh) මිලියන 200 ක් ලබාදෙන එම විදුලි බලාගාරය, බලශක්ති සම්පත් ව්‍යුහය පුළුල් කිරීම, ශීත සෘතුවේ තාපනය සැපයුම සහ විදුලිය සුරක්ෂිත සැපයුම සහතික කිරීමට සමත් වීම කැපීපෙනේ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම