ඉන්ධන මිල යළිත් ඉහළට
2024-01-01 18:18:42
Share with:

සිපෙට්කෝ ඉන්ධන මිල අද(1) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා ප්‍රෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 20කින් ඉහළ දමා ඇත. ඒ අනුව නව මිල රුපියල් 366කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95  ලීටරයක මිල රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 464කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර සුදු ඩීසල් ලිටයක නව මිල රුපියල් 358කි. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින් වැඩි කර ඇති අතර නව මිල රුපියල් 475කි.

භූමිතෙල් මිල ද රුපියල් 11කින් සංශෝධනය කර ඇති අතර එහි නව මිල රුපියල් 236ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම