ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය එරට වැසියන්ගේ යහපැවැත්ම කෙරෙහි සැලකිල්ලක් නොදක්වන බව ප්‍රකාශ කෙරේ
2023-12-31 15:25:36
Share with:

ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය එරට වැසියන්ගේ යහපැවැත්ම කෙරෙහි සැලකිල්ලක් නොදක්වන අතර එය අතිමහත් ධනස්කන්ධයක් විනාශ කරන්නක් බවට ප්‍රකාශ කෙරේ. ඔස්ට්‍රේලියාවේ Pearls and Irritations නමැති වේදිකාවේ පළවූ ලිපියක් මගින් එය සංවාදයට ලක් කර ඇත. ඇමරිකා විදේශ ප්‍රතිපත්තිය “විශාල මුදලක් මගින් පැහැරගැනීමක්” ලෙසට‍ මෙම ලිපියේ කතුවරයා වන ඇමරිකාවේ කොළොම්බියා විශ්ව විද්‍යාලයේ හිතකර සංවර්ධනයක් පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Jeffrey Sachs මහතා සඳහන් කරයි. “ඇමරිකා විදේශ ප්‍රතිපත්තිය දූෂණය මත ගොඩනගා ඇති වංචාවකි." "ඇමරිකානු ජනතාවට විශාල වශයෙන් අහිමිවීම් සිදු වෙමින් පවතී." යන මැයෙන් එය පළ කර තිබේ

2000 වසරේ සිට පරාජයට පත්වූ යුද්ධ හේතුවෙන් දැරීමට සිදුවූ පිරිවැය ඇමරිකා ඩොලර් ට්‍රිලියන 5ක් පමණ වෙයි. සෑම ඇමරිකානු පවුල් ඒකකයක් හා ගැලපීමේදී එක් ඒකකයකට එය ඇමරිකා ‍ඩොලර් 40 දහසක පිරිවැයක් බවද එම ලිපියේ දැක්වේ. ඇමරිකා හමුදාව හා සම්බන්ධ පිරිවැය 2024 වසරේදී ‍ඇමරිකා ඩොලර් ‍ට්‍රිලියන 1.5 ක් පමණ වනු ඇත. ඇමරිකානුවන් තම රජයේ බිඳුණු, දූෂිත සහ වංචාකාරී විදේශ ප්‍රතිපත්තිය නැවත සකස් කළ යුතු බවද ලේඛකයා අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම