විදුලි සංදේශ සේවා බදු ඉහළට
2023-12-31 16:02:18
Share with:

වැට් බදු සංශෝධනය කිරීමට රජය ගත් තීරණයත් සමග ජනවාරි මස පළමු වනදා සිට විදුලි සංදේශ සේවා බදු ඉහළ දමන බව දුරකථන සමාගම් පවසයි.

සියයට 15ක් ලෙසට පැවති වැට් බද්ද සියයට 18ක් දක්වා ඉහළ දැමීමට රජය පියවර ගත් අතර මේ හේතුවෙන් විදුලි සංදේශ සේවා සඳහා වන බද්ද ද සියයට 3කින් ඉහළ නැංවෙන බව සඳහන්ය.

ඒ අනුව සියලු ඇමතුම් ගාස්තු, අන්තර්ජාල සේවා ගාස්තු, මුදල් ගෙවා ලබාගනු ලබන රූපවාහිනී සේවා ගාස්තු යනාදී සියලු සේවාවන් සඳහා අයකරනු ලබන ගාස්තු ඉහළ නැංවෙන බව දුරකථන සමාගම් නිවේදනය කර ඇත.

ඇතැම් පෙර ගෙවුම් කාඩ්පත් සඳහා වන ගාස්තු ඉහළ දැමීමක් සිදුකර නොමැති අතර එමගින් ලබාදෙන දත්ත කෝටාව අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම