සුන්දර චීනය ගොඩනැගීම හරහා මානවයා සහ සොබාදහම අතර සහජීවනය සහිත නවීකරණය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම මැයෙන් චීන ජනපතිගෙන් ලිපියක්
2023-12-31 16:24:17
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පසුගිය ජූලි 17වැනිදා පැවති චීන ජාතික පාරිසරික ආරක්ෂණ සමුළුවේදී සිදු කළ දේශනයේ අන්තර්ගත කොටසක් පදනම්ව සුන්දර චීනය ගොඩනැගීම හරහා මානවයා සහ සොබාදහම අතර සහජීවනය සහිත නවීකරණය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම මැයෙන් යුතු ලිපියක් "Qiushi" සඟරාවේ 2024 ජනපාරි පළමු කලාපයේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.

ඉදිරි වසර 5, සුන්දර චීනය ගොඩනැගීමට වැදගත් කාල පරිච්ඡේදයක් බව එම ලිපිය අවධාරණය කරයි. නව යුගයේ චීන ලක්‍ෂණ සහිත සමාජවාදී පාරිසරික ශිෂ්ටාචාර සංකල්පය දැඩිව ක්‍රියාවට නංවා, ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයට අනුගත විය යුතු බව චීන ජනාධිපතිවරයා එම ලිපියෙන් අවධාරණය කරයි. හරිත පරිසරය අගනා වත්කමක් යන ආකල්පය ස්ථිරව පැතරවිය යුතුය. සුන්දර චීනය ගොඩනැගීම, ප්‍රබල රටක් බිහි කිරීම මෙන්ම ජාතික පුනර්ජීවනය ඉටු කිරීමෙහි ප්‍රමුඛ ස්ථානයක් ගත යුතු බව ද චීන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.  

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම