චීනයේ Beidou චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතියේ විශ්වසනීයත්වය අඛණ්ඩව ඉහළට
2023-12-31 15:47:26
Share with:

චීනයේ Beidou චන්ද්‍රිකා මග පෙන්වීමේ පද්ධතියෙන් පූර්ණ කාර්මික දාමයක් පිහිටුවේ. එමගින් චිප, මොඩියුල, ඇන්ටනා යන දෘඩාංග හා මෘදුකාංග සේවා සඳහා සම්පූර්ණ දාමයක් ආවරණය කෙරේ. චීන ස්වාධීන නිෂ්පාදිත චිප අපනයනය මිලියන 100 ඉක්මවා ඇත.

57වැනි සහ 58වැනි Beidou මග පෙන්වීමේ චන්ද්‍රිකා මෑතකදී චීනයේ Xichang චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් සාර්ථකව උඩුගුවනට යැවීමත් සමඟ, Beidou පද්ධතියේ වාර්ෂික නිකුත් කිරීමේ මෙහෙයුම සාර්ථක අවසානයකට පැමිණ ඇත.

ප්‍රවාහනය, සන්නිවේදනය, කෘෂිකර්මය, කාලගුණය සහ විදුලි බලය යන ක්ෂේත්‍රවල, Beidou යෙදුම ඒ ඒ කර්මාන්තවල ඩිජිටල්කරණ සහ බුද්ධිමත්කරණ පරිවර්තනය වේගවත් කර තිබේ. "2023 චීනයේ මග පෙන්වීම සහ ස්ථානීය චන්ද්‍රිකා සේවා කර්මාන්ත සංවර්ධන ධවල පත්‍රිකාවේ" සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය වසරේ චීනයේ චන්ද්‍රිකා මග පෙන්වීමේ සහ ස්ථානීය සේවා කර්මාන්තයේ සම්පූර්ණ නිමැවුම් වටිනාකම චීන යුවාන් බිලියන 500.7 දක්වා ළඟා වූ අතර, එය පසුගිය කාලසීමාවට වඩා 6.76% වැඩි වීමකි.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම