චීන රුසියා රාජ්‍ය නායක දෙපළ අලුත් අවුරුදු සුබපැතුම් හුවමාරු කර ගනිති
2023-12-31 19:34:15
Share with:

චීන සහ රුසියා දෙරටේ රාජ්‍ය නායකයෝ 31වැනිදා අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ.

චීන රජය සහ ජනතාව වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා සහ රුසියානු ජනතාව වෙත සිය අවංක ආශීර්වාද සහ සුබ පැතුම් පිරිනැමීය.

ගතවූ ශතවර්ෂ හතරෙන් තුනක කාලයක් තුළ චීන-රුසියානු සබඳතා මගින් සනාථ කර ඇත්තේ, යහපත්-අසල්වැසි මිත්‍රත්වය, පුළුල් උපායමාර්ගික සම්බන්ධීකරණය සහ අන්‍යෝන්‍ය යහපත්  සහයෝගීතාව සහිත චීන-රුසියා සබඳතා අඛණ්ඩව තහවුරු කර ගැනීම දෙරට මෙන්ම දෙරටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට ගැලපෙන බවයි.

එය ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ට අනුකූලව, යුගයේ සංවර්ධන ප්‍රවණතාවෙන් එකම දිශාවක් දෙස වර්ධනය වීමකි. ජනාධිපති පුටින් මහතා සමඟ සමීප සම්බන්ධතා පවත්වා, චීන-රුසියා සබඳතා නිවැරදි මාවත ඔස්සේ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් පැවසීය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා චීන ජනාධිපති ෂී ජින්පිං වෙතත් චීන ජනතාව වෙතත් සිය හෘදයාංගම අලුත් අවුරුදු සුබ පැතුම් පිරිනැමීය. ගෙවීයන 2023 වසර තුළ තමා හා ෂී ජින් පිං මහතා දෙවරක් හමුවී ඇති බව පුටින් මහතා පැවසීය. නව යුගයේ රුසියානු චීන පූර්ණ ක්‍රමෝපායීය සහයෝගීතා හවුල්කාලී සබඳතාව අංගසම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීමට ප්‍රබල ජවයක් ඉන් ගෙනදුන් බව ද හෙතමෙ පෙන්වා දුන්නේය. දෙපාර්ශවයේම ඒකාබද්ධ ප්‍රයත්නයන් සමඟ විවිධ ක්ෂේත්‍රවල දෙරට අතර ඵලදායි සහයෝගීතාවයෙන් වැඩි ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එදිනම, චීන අගමැති Li Qiang මහතා සහ රුසියානු අගමැති Mikhail Vladimirovich Mishustin මහතා අතර ද  අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩ හුවමාරු විය.

ගුවන් විදුලිය
20240505ඉරිදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම