බල්‍ගේරියාව හා රුමේනියාවට සෙන්ගන් කලාපයට පූර්ණ ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් යු‍රෝපා සංගමයේ ඒකමතික එකඟතාවක්
2023-12-31 15:31:43
Share with:

බල්‍ගේරියාව හා රුමේනියාව සම්බන්ධ ‍ගුවන් හා අභ්‍යන්තර සාගර සීමා පාලන ලිහිල් කිරීමට යුරෝපා සංගමයේ සාමාජික රටවල් ඒකමතිකව එකඟවෙයි. එය සෙන්ගන් කලාපයට එම රටවල් දෙකට  පුර්ණ ප්‍රවේශ අවස්ථාව හිමිවීමේ මුලික පියවරකි. මාර්තු 31වෙනිදා සිට එම රටවල් දෙකේ සිට පැමිණෙන පුද්ගලයන් යුරෝපා සංගමයේ ගුවන් හා සාගර සීමාවන්හිදී පරීක්ෂාවට ලක් කෙරෙන අතර සෙනගන් කලාපයේ සෙසු රටවල දී එම පරීක්ෂණ අවශ්‍යතාව ඉන් ඉවත් කෙරෙනු ඇත. අභ්‍යන්තර සීමා හා අදාළ පියවර ලිහිල් කිරීම බල්‍ගේරියාව හා රුමේනියාව විසින් සිය කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව ‍තීරණය කෙරෙන බවද යුරෝපා සංගමය සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම