අඩු ආදායම්ලාභී ජනතාව‍ ඇතුළු‍ පොදු ජනතාවට 2024 වසරේ දී නිවාස 10000ක්
2023-12-31 15:59:46
Share with:

අඩු ආදායම්ලාභී ජනතාව‍ ඇතුළු පොදු ජනතාවට කොළඹ ආශ්‍රිතව ‍2024 වසරේ දී නිවාස 10,000ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉන් නිවාස 6,500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ නගරයේ ජීවත්වෙන අඩු ආදායම්ලාභී ජනතාව නැවත පදිංචි කිරීමට යොදාගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ සඳහා නිවාස ව්‍යාපෘති 11ක් සැලසුම් කර ඇති අතර, ඉන් ව්‍යාපෘති 06ක් චීන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේ වන විට නිවාස ඒකක 14,611 ක් ඉදිකර ඇති අතර, පවුල් 11,269 නැවත පදිංචි කර ඇති බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම