සංචාරකයින්ගේ පැමිණීම වාර්තාගත ලෙස ඉහළට
2023-12-31 16:01:29
Share with:

දෙසැම්බර් මාසයේ සංචාරකයින්ගේ පැමිණීම ලක්ෂ දෙක ඉක්මවයි. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පසුගිය වසර 04ක කාලය තුළ ඉහළම සංචාරකයින් පැමිණීමක් වාර්තා කර ඇත්තේ මෙම දෙසැම්බර් මාසයේ බවයි. ඒ අනුව මෙම වසර තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.5කට ආසන්න වී තිබේ. ලබන වසර තුළ මෙම තත්ත්වයේ වර්ධනය වීමක් අපේක්ෂා කරන බව සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ගජබාහු මහතා සඳහන් කරයි.

මේ අතර මෙම වසරේ නොවැම්බර් මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමේ සුළු වර්ධනයක් ද පෙන්නුම් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2022 වර්ෂයේ සැප්තැම්බර් මාසයෙන් පසු පළමු වරට වාර්ෂික ලක්ෂමය පදනම මත අපනයන අදායමේ වර්ධනයක් නොවැම්බර් මාසයේ දී වාර්තා වී ඇති බවයි.

 

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම