චීනයේ විද්‍යා හා තාක්ෂණ නිපුණතා සහිත පුද්ගලයන් සංඛ්‍යවේ කැපී පෙනෙන වර්ධනයක්
2023-12-31 15:07:54
Share with:

චීන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශ‍ය මෑතකදී 2022 චීනයේ විද්‍යා හා තාක්ෂණ නිපුණතා සහිත පුද්ගලයන් පිළිබඳ වාර්තාව නිකුත් කළේය. එම වාර්තාවට අනුව චීනයේ පර්යේෂණ හා සංවර්ධන සඳහා පුර්ණ කාලීන සේවා සපයන පුද්ගලයන් සංඛ්‍යාව 2012 වසරේ මිලියන 3.247 සිට 2022 වසරේ මිලියන 6.354ක් වර්ධනය වී තිබේ. එය ලෝකයේ ප්‍රථම ස්ථානයට පත්වීමකි.

පූර්ණ කාලීන පර්යේෂණ හා සංවර්ධන පුද්ගලයන්ගේ සංඛ්‍යාව යනු විද්‍යා හා තාක්ෂණය අතින් ශ්‍රම දායකත්වයේ සංසන්දනාත්මක දර්ශකයකි. සේවා කාලයට අනුව සිදු කරන පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් ගණනය කිරීමෙන් එය මැන බැලේ.

එම වාර්තාවේ සංඛ්‍යාලේඛනයන්ට අනුව චීනයේ සරු විද්‍යා හා තාක්ෂණ නිපුණතා සහිත පුද්ගල සම්පත් ඇත. උසස් මට්ටමේ විද්‍යා හා තාක්ෂණ නිපුණතා සහිත පුද්ගලයන්ගේ ජාත්‍යන්තර ශාස්ත්‍රීය බලපෑම් අඛණ්ඩව ඉහළ යමින් පවතී. ගෝලීය පර්යේෂණ වාර්තා උපුටා දැක්වීමේ ඉහළම විද්‍යාඥ ලැයිස්තුවට එක්ව සිටින චීන විද්‍යාඥයන්ගේ ප්‍රමාණය 2014 වසරේ 111ක් සිට 2022 වසරේ වනවිට 1169ක් දක්වා වැඩි විය. එය ලෝකයේ දෙවැනි ස්ථානය ගනී.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම