මූලික විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් චීනය සිදු කළ කැපවීමට නොබෙල් සම්මානලාභියෙකුගෙන් ඉහළ ඇගයීමක්
2023-12-31 14:24:01
Share with:

භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී සහ චීන විද්‍යා ඇකඩමියේ විදේශීය විද්‍යාඥ David Gross මහතා පසුගිය දා චීන මාධ්‍ය සමූහය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්විය. මූලික විද්‍යාත්මක පර්යේෂණය පුළුල් කිරීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වැදගත් කොට සැලකීම හෙතෙම එහිදී ඉහළින් අගය කළේය.

මීට වසර විස්සකට පෙර චීනය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර මෙවැනි විවාදයක් පැවති බව  David Gross මහතා හඳුන්වා දුන්නේය. මූලික විද්‍යාව වෙනුවෙන් මුදල් වියදම් කළ යුතුද? පවතින ක්ෂණික ගැටළු විසඳා ගැනීම මූලික අවශ්‍යතාව ද? මූලික විද්‍යා පර්යේෂණයන්ගේ ප්‍රතිඵල වසර ගණනාවක් යනතුරු නොපැමිණීම මෙවැනි විවාදයන්ට හේතුවිය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා‍‍ගේ මතය වී ඇත්තේ මූලික විද්‍යාව අත්‍යවශ්‍ය බවයි. චීනය ධනවත් සහ බලවත් රටක් බවට පත්වෙමින් පවතින අතර චීනය මූලික විද්‍යාව සඳහා ප්‍රමුඛ දායකත්වයක් ලබාදීම කාලීන අවශ්‍යාතාවකි. එබැවින් චීනයේ ප්‍රවේශය David Gross මහතා දැඩි ලෙස අගය කර තිබේ.

චීනය ලෝකයේ ඉහළ පෙළේ රසායනාගාර බිහි කළ හැකි මට්ටමකට පැමිණ ඇත. තමා අයත් පර්යේෂණ ක්ෂේත්‍රය තුළ, චීනය ඉතා වැදගත් සොයාගැනීම් අත්පත් කර ගෙන ඇති අතර එය ඉතා පුදුම සහගත බව ද හෙතෙම අවධාරණය කළේය. චීනයේ වේගවත් විද්‍යා හා තාක්ෂණ සංවර්ධනය පිළිබඳව දැඩි ලෙස පැහැදුණු බව ද එම සම්මුඛ සාකච්ඡාවේදී David Gross මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම