ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව මහ බැංකු අධිපතිවරයා පවසයි
2023-12-30 19:14:30
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට යෑමේ පදනම මත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසීය.

ඕනෑම රජයකට ඉදිරි වසර හතරක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කාලයට ගැලපෙක පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙන බවද ආචාර්ය වීරසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යෑමට අකැමැති පාර්ශ්ව ඒ සඳහා තිබෙන විකල්පයද ප්‍රකාශ කළ යුතු බව ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම