2023 වසර චීන ලක්ෂණ සහිත රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ නව සංධිස්ථානයක්
2023-12-30 17:09:58
Share with:

2023 වසර චීන ලක්ෂණ සහිත රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රශස්ත මට්ටමේ නව පරිච්ඡේදයන් සනිටුහන් වූ වසරක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මඕ නින් මහත්මිය පවසයි.ඊයේ (29)  පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් වසරේ ප්‍රධානතම රාජ්‍යතාන්ත්‍රික ඉසව් ඇය විස්තර කළාය.චීනය ප්‍රධාන රටවල් අතර සබදතා ඉදිරියට ගෙනයාම ඉන් ප්‍රධානය.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රුසියාවේ  සිදු කළ සංචාරයෙන් රාජ්‍ය නායකයාගේ නිල විදෙස් සංචාර ආරම්භ විය.චීන රුසියා ජනාධිපතිවරු එහිදී වඩාත් මිත්‍රශීලී හා ඵලදායී සාකච්ඡාවල නිරත වූහ.අනතුරුව චීන ජනාධිපතිවරයා සැන්ෆැන්සිස්කෝ හී පැවති  චීන ඇමරිකා සමුළුවට එක්වූ අතර ලෝක සාමයට බලපාන කරණු සහ ද්වීපාර්ශ්වික සබදතා සංවර්ධනය පිළිබදව දෙපාර්ශ්වය එහිදී අදහස් හුවමාරු කර ගත්හ.චීන ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපතිවරයා සහ යුරෝපා සංගම් නායකයන් හමුවී කලාපීය හා ජාත්‍යන්තර වශයෙන් සිදු කළ අදහස්  හුවමාරු කර ගැනීම ද 2023 වසරේ චීන ලක්ෂණ සහිත රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ වැදගත් අවස්ථාවකි.

චීනය අස්ල්වැසි සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සමගිය හා සහයෝගතාව වර්ධනය කිරීමට ද ගෙවීයන වසරේ පියවර ගත්තේය.එමෙන්ම ෂියාන්හී  චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති චීන මධ්‍යම ආසියා සමුළුව  පොදු අනාගතයක්  බෙදා ගැනීම  පිළිබද වැදගත් ඉසව්වකි.

දකුණු අප්‍රිකාවේ පැවති 15 වන බ්‍රික්ස් සමුළුවට චීන ජනාධිපතිවරයා එක්වූ අතර එම සමුළු වාරය බ්‍රික්ස් සංවිධානය පුළුල් කිරීමේ ඓතිහාසික අවස්ථාවක් විය.චීන ජනාධිපතිවරයා ගේ සම සභාපතිත්වයෙන් පැවති චීන  අප්‍රිකා නායක සංවාදය චීනය හා අප්‍රිකාව අතර පවතින ශක්තිමත් සබදතාවේ සලකුණකි. බෙයිජිං නුවර පැවති එක් තීරයක් එක් මාවතක් සංසදයේදී චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රධන පියවර අට ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීමේ වැදගත් අවස්ථාවක් බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව කීවාය. චීන වියට්නාම, චීන සෞදි අරාබි, චීන ඉරාන රාජ්‍ය නායකයන් අතර සිදුවූ හමුවීම්ද ද්වීපාර්ශ්වික මෙන්ම කලාපීය වශයෙන් 2023 වසරේ සිදුවූ වැදගත් රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාවන්ය. පලස්තීන ඊශ්‍රායල ගැටුම් ආරම්භයේ  සිට චීන ජනාධිපතිවරයා ඒ සමබන්ධ චීනයේ ස්ථාවරය අවස්ථා කිහිපයකදීම විස්තර කළේය.කඩිනම් සටන් විරාමයකට ගොස් ද්වී රාජ්‍ය විසදුමක් ඊට ලබා දීම චීනයේ ස්ථාවරය ලෙසට චීන ජනාධිපතිවරයා එහිදී ගෙන හැර දැක්වූ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව කීවාය.විවිධ රටවල මිතුරන් සමග සංනිවේදන සබදතා පවත්වමින් චීනයේ සුහදත්වය ඔවුන් වෙත දැක්වීමට චීන ජනාධිපතිවරයා මෙම වසරේ කටයුතු කිරීමද චීන ලක්ෂණ සහිත රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ සුවිශේෂී අවස්ථාවන් ලෙසට දැක්විය හැකි බවද ඇය සදහන් කළාය.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම