රුසියාවට අයත් ඇමරිකානු ඩොලර් බිලියන 300ක වත්කම් අහිමි කිරීම සමබන්ධයෙන් සාකච්ඡා කරන ලෙසට G7 කණ්ඩායමට ඇමරිකාවෙන් යෝජනාව
2023-12-30 16:42:49
Share with:

රුසියාවට අයත් අත්හිටුවූ ඇමරිකානු ඩොලර් බිලියන 300ක වත්කම් අහිමි කිරීම සමබන්ධයෙන් සාකච්ඡා කරන ලෙසට ඇමරිකාව G7 කණ්ඩායමට යෝජනා කරයි. ඇමරිකාවේ මැදිහත්වීමෙන් එය සිදුවන බව බ්‍රිතාන්‍යයේ Financial Times පුවත්පත පසුගිය 28 වනදා වාර්තා කළේය. එම යෝජනාව ලබන පෙබරවාරි මස අගදී පැවැත්වෙන G7 සමුළුවේදී සාකච්ඡා කරනු ඇත.

ඒ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම් Dmitry Peskov මහතා ඊයේ(29) පැවසුවේ බටහිර රටවල් අත්හිටුවූ රුසියා වත්කම් අහිමි කළහොත් රුසියාව ඊට ප්‍රති පියවර ගනු ඇති බවයි. රුසියා වත්කම් අහිමි කිරීම නීතිවි‍රෝධි ක්‍රියාවකි. බටහිර රටවල් ඒ සඳහා බල කළහොත් ඇමරිකාව හා යුරෝපා සංගමය සම්බන්ධයෙන් සෙසු රටවල් තුළ පවතින විශ්වාසයට හා ගෝලීය ආර්ථිකයට හානි සිදු වනු ඇති බව ද හෙතෙම අවධාරණය කළේය

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම