චීන එතෙර වෛද්‍ය සේවා මගින් ගෝලීය සෞඛ්‍ය සේවාවට විශාල සහායක්
2023-12-30 20:40:08
Share with:

1963 වසරේ දී ඇල්ජීරියාවට ප්‍රථම විදේශ වෛද්‍ය කණ්ඩායම යොමු කිරීමෙන් පසු චීන වෛද්‍ය සේවකයන් එරට නව උපත් මිලියන 2.07කට වින්නඹු සේවා සපයා ඇති අතර රෝගීන් මිලියන 27කට ප්‍රතිකාර ලබා දී තිබේ. එය ගෙවී ගිය වසර 60 තුළ චීනයේ විදේශ වෛද්‍ය ආධාර කටයුතු ලබා ගත් ජයග්‍රහණයේ පිළිබිඹුවකි.

මෑතකදී චීනයේ විදේශ වෛද්‍ය ආධාර කණ්ඩායම් යොමු කිරීමේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් හා ඇගයීමේ සම්මන්ත්‍රණය පැවැත්විණ. චීනයේ විදේශ වෛද්‍ය ආධාර කටයුතු ලබා ගත් ප්‍රතිඵලයන්ට චීන නායකයන් ඉහළින් ප්‍රශංසා පළ කරමින් පොදු සෞඛ්‍ය සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් වඩාත් විශාල දායකත්වය දැරීමට ඔවුන් දිරිමත් කර තිබේ.

2011 වසරේ ටැන්සානියාවේ සිදු වූ නෞකා අනතරු, 2014 වසරේ අප්‍රිකාවේ Ebola වෛරස පැතිරීම හා කොවිඩ් වසංගතය ඇතුළු බොහෝ අනතුරුවලදී චීනය කඩිනමින් වෛද්‍ය ආධාර කණ්ඩායම් යොමු කර මානවහිතවාදී සහනාධාර මෙහෙයුම්වල නිරත වී තිබේ.

ගෙවී ගිය වසර 60 තුළ චීනය රටවල් හා ප්‍රදේශ 76ක් වෙත වෛද්‍ය සේවකයන් 30 දහසක් යොමු කරමින් වෛද්‍ය සෞඛ්‍ය පහසුකම් 130ක් පමණ ආධාර ලෙස ඉදිකිරීම හා රෝගීන් කෝටි 30කට ප්‍රතිකාර කර තිබේ. එමෙන්ම චීනයේ විදේශ වෛද්‍ය ආධාර ක්ෂේත්‍ර හා අන්තර්ගතයන් අඛණ්ඩව පුළුල් වෙමින් පවතී. ප්‍රතිකාර කිරීමේ සිට ‍අදාළ රටට වෛද්‍ය පද්ධති ස්ථාපිත කිරීම හා වෛද්‍ය සේවා මට්ටම වැඩිදියුණු කිරීම දක්වා එය වර්ධනය වී තිබේ.

වසර 60 ගමනාන්තයක් නොවන අතර එය නව ආරම්භයකි. සමස්ත මානවයන්ට හිතකර දේ චීනය අනිවාර්යෙන්ම යහපත් ලෙස ඉටු කරනු ඇත.

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම