චීන මධ්‍යම රජයේ විදේශ කටයුතු සමුළුව ලෝක අවධානයට
2023-12-30 19:31:39
Share with:

2023 වසර අවසානයේ චීන මධ්‍යම රජයේ විදේශ කටයුතු සමුළුව බෙයිජිං නුවරදී පැවැත්විණ.එය දෙස් විදෙස් දේශපාලන විචාරකයන්ගේ අවධානයට ලක්ව ඇත. වසර පහ හමාරකින් පසු යළි එවන් සමුළුවක් පැවැත්වූ චීන මධ්‍යම රජය ලොවට වැදගත් සංඥා නිකුත් කර ඇතැයි දේශපාලන විචාරක මතය වී තිබේ.විශේෂයෙන් ඉදිරියේ චීන රාජ්‍ය තාන්ත්‍රිකත්වයට එම සමුළුව අතිශය තීරණාත්මක යැයි දේශපාලන විචාරකයන් පවසා ඇත.

 චීනය පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය ඉදිරිපත් කර දශකයක් ගත වී තිබේ. ඉදිරියේදී චීන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මෙම සංකල්පය අනුවම සිදු කිරීමට චීන මධ්‍යම රජයේ විදේශ කටයුතු සමුළුව නියම කර ඇත. චීන රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ කැපී පෙනෙනතම අනන්‍යතාව වශයෙන් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය, චීනයට පමණක් නොව ලෝකයටත් ගැඹුරු බලපෑම් සිදු කරනු  ඇති බවට විශ්වාස කෙරේ.

වත්මන් කාලයේ භූ දේශපාලන ගැටුම් ලොව පුරා තැනින් තැන මතු විය. ගෝලීය ආර්ථිකය මන්දගාමී තත්ත්වයේ පවතින අතර අයහපත් කාලගුණික තත්ත්වයන් ද නිරන්තරයෙන් හට ගනී. මෙවන් පසුබිමක් හමුවේ ජගත් ප්‍රජාව තුළ අසුබවාදී වාතාවරණයක් පැතිර ගොස් ඇත. එහෙත් චීනය පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය හරහා ලොවට විශ්වාසයෙන් යුත් බලාපොරොත්තුජනිත කර තිබේ. කෙතරම් දුෂ්කරතා හා ගැටළු තිබුණද කෙතරම් අභියෝගවලට මුහුණ දුන්නද මානව ප්‍රජාව එකමුතු වී එකිනෙකාට සහාය වෙමින් නිවැරදි මාර්ගයක ගමන් කළහොත් එම දුෂ්කරතා, ගැටළු හා අභියෝගවලින් අවසාන ජයග්‍රහණය අත්කර ගත හැකි බව චීනය ප්‍රකාශ කර තිබේ.

 ලෝකය යහපත් නම් එය චීනයටද යහපතකි. චීනය යහපත් නම් ලෝකය වඩාත් යහපත් වනු ඇත. බෙයිජිං නුවර පැවති චීන මධ්‍යම රජයේ විදේශ කටයුතු සමුළුව ලොවට දුන් පැහැදිලි පණිවිඩය එයයි. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය මගින් චීනය ගෝලීය සාමය හා සංවර්ධනය වෙනුවෙන් වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම