බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරීමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගැනේ
2023-12-30 19:15:59
Share with:

ලබන වසරේ ජනවාරි පළමු වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරීමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වාහන ලියාපදිංචි කිරීමේ දී ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි පළමු වැනි දා සිට අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබිණ.

කෙසේ වෙතත් බදු ගොනු විවෘත කිරීමේ ක්‍රියාවලියට මහජනතාව ලියාපදිංචී වීමේ ප්‍රමාදයක් සිදු ව ඇති අතර, ඊට තවත් කාලයක් ලබාදීමේ අරමුණින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම මසකින් පමණ කල්දැමීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම