ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළද ගිවිසුමට අත්සන් තැබීම පෙබරවාරි මාසයේ දී
2023-12-30 19:16:50
Share with:

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළද ගිවිසුමට අත්සන් තැබීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වෙයි.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව වෙනි වටයේ සාකච්ඡා පසුගිය 18 සිට 20 දක්වා පැවති අතර එම සාකච්ඡාව සඳහා තායිලන්තයේ ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා කණ්ඩායමේ උපදේශකයා සහභාගී විය.

නවතම සාකච්ඡාවටයේදී වෙළඳාම, සේවා, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ නීති රීති පිළිබඳව දෙපාර්ශවය එකඟ වූ බව තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කළේය.

මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 320.37 ක වෙළඳ ගනුදෙනු සිදුව ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම