ගාසා තීරයේ මානුෂීය සැපයුම්වලට බාධා එල්ල නොකළ යුතු බව චීනය පවසයි
2023-12-30 16:47:22
Share with:

පලස්තීන-ඊශ්‍රායල තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(29) හදිසි රැස්වීමක් පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Geng Shuang මහතා එහිදී පෙන්වා දුන්නේ, පලස්තීන-ඊශ්‍රායල ගැටුමේ නව වටය ආරම්භ වී දින 80කට වැඩි කාලයක් ගත වී ඇති අතර, ගාසා තීරයේ මිලියන දෙකකට වැඩි අහිංසක ජනතාවක් පෙර නොවූ විරූ මානුෂීය ව්‍යසනයකට ගොදුරු වී ඇති බවයි. සටන් විරාමය සහ යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය පිළිවෙළින් බහුවිධ යෝජනා සම්මත කළද, ගාසා තීරය අවහිර කිරීම, ප්‍රචණ්ඩත්වය සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම, බටහිර ඉවුරේ වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් අඛණ්ඩව සිදුවන අතර මෙය ශෝකී තත්ත්වයකි.

හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙසත්, මානුෂීය ආයතනවලට ගාසා තීරයේ ආධාර කිරීමට අවශ්‍ය  පහසුකම් සපයන ලෙසත්, චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බව, Geng Shuang මහතා සඳහන් කළේ ය. පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය දිගු කලක්  පැවතීමේ හේතුව, "ද්වි රාජ්‍ය විසඳුම" ක්‍රියාත්මක නොකිරීම සහ පලස්තීන ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහතික නොකිරීම යැයිද,  ඔහු එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම