2023 වසරේ විදේශ දූත මෙහෙයුම පිළිබඳ සමුළුව චීන ජනපති ප්‍රධානත්වයෙන්
2023-12-29 20:50:08
Share with:

2023 වසරේ විදේශ දූත මෙහෙයුම පිළිබඳ සමුළුවට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක් වේ.

එම සමුළුව අද (29) බෙයිජිං නුවර මහජන මහ ශාලාවේදී පැවැත්විණ. එහිදී ෂී ජින් පිං ජනාධිපතිවරයා ඊට එක්වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් හමු විය. එම රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග සුහද ව අදහස් හුවමාරු කළ ෂී ජින් පිං මහතා ඔවුන් සමග සමූහ ඡායාරූපයකට එක් විය.

චීන ජනාධිපතිවරයා එම සමුළුවේදී දේශනයක් ද පැවැත්වීය. ගෙවුණු වසර කිහිපයේ විවිධ දුෂ්කරතා මැඩපවත්වමින් රට වෙනුවෙන් විශිෂ්ට විදේශ දූත මෙහෙයුම සිදු කළ සියලු රාජ්‍ය තාන්ත්‍රිකයන් හෙතෙම සිය දේශනයෙන් ඉහළින් අගය කළේ ය. පසුගිය දා පැවති මධ්‍යම රජයේ විදේශ කටයුතු සමුළුව වත්මන් හා ඉදිරි කාලයේ චීනය මුහුණ දෙන බාහිර තත්ත්වයන් විශ්ලේෂණය කර ඇත. එම සමුළුව සකස් කළ රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙළ යටතේ සිය කාර්යභාරය මැනවින් ඉටු කරමින් පක්ෂයට, රටට හා ජනතාවට අවංකව සේවය කරන ලෙසත්, වගකීම් පැහැර නොකර නිර්භීත හා උපායශීලි ව විදේශ දූත මෙහෙයුම සිදු කරන ලෙසත්, සෑමවිටම රටේ යහපත රැකගන්නා ලෙසත්, චීන ජනාධිපතිවරයා සියලු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනය විශේෂයෙන් රාජ්‍ය තාන්ත්‍රික චින්තනය අධ්‍යයනය කිරීමේ වැදගත්කම හෙතෙම එහිදී අවධාරණය ක‍ළේ ය.

 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම