චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව නව වසරේ තේ සංසදය පවත්වයි
2023-12-29 20:23:18
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව අද(29) පෙරවරුවේ නව වසරේ තේ සංසදය පැවැත්වීය. ෂී ජින් පිං, ලී ච්‍යං, චාඕ ලෙජි, වන්ග් හුනින්, සයි චි, ඩින්ග් ෂුවේෂින්ග්, ලී ෂී හා හන් චෙන් ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයන්, විවිධ ප්‍රජාතාන්ත්‍රික පක්ෂවල, ජාතික කර්මාන්ත හා වාණිජ සංගමයේ ප්‍රධානීන්, නිර්පාක්ෂික ප්‍රකට පුද්ගලයන් හා බෙයිජිං නුවර විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයෝ ඊට එක්වෙමින් 2024 වසර ඒකාබද්ධව පිළි ගත්හ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී වැදගත් දේශනයක් සිදු කළේය. චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය මගින් පූර්ණ වශයෙන් බලවත් රටක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම නව යුගයේ නව ගමනේ චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රටේ කේන්ද්‍රීය කාර්යයක් බව හෙතෙම අවධාරණය කළේය. පුළුල් ම දේශප්‍රේමී එක්සත් පෙරමුණ ශක්තිමත් කිරීම හා සංවර්ධනය කිරීම මගින් චීන ලක්ෂණයෙන් යුතු නවීකරණයේ සුන්දර පරිච්ඡේදය නිර්මාණය කළ යුතු ය. ගත වූ වසර තුළ චීන මහජන දේශපාලන උපදේශක සභාව අදාළ තීරණ අනුගමනය කරමින් උපදේශක දායකත්වය ඉටු කර තිබේ. ඉන් පක්ෂයේ හා රටේ කාර්ය සංවර්ධනය වෙනුවෙන් නව කැපවීම සිදු කර ඇත. 2024 වසර, චීන මහජන දේශපාලන උපදේශක සභාව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරයයි. සම්ප්‍රදාය උරුම කර‍ගනිමින් දේශපාලන වගකීම ස්ථීර ලෙස භාර ගනිමින් නව යුගයේ දේශපාලන උපදේශක සභාවේ කාර්යයන්හි නව තත්ත්වය අඛණ්ඩව බිහි කළ යුතු බව ෂී ජින් පිං මහතා කියා සිටියේය.

එම සංසදය අතරතුර ෂී ජින් පිං මහතා හා විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් සුහදව එකිනෙකාට ආචාර කර තිබේ. එම තේ සංසදය අසිරිමත් කලා ප්‍රසංගයකින් ද අලංකාරවත් විය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම