2024 නව වසරේ ඔපෙරා රාත්‍රි සංදර්ශනයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක් වේ
2023-12-29 23:09:37
Share with:

2024 නව වසරේ ඔපෙරා රාත්‍රි සංදර්ශනය අද (29) බෙයිජිං නුවර ජාතික මහ රඟහලේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා , චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ‍ සෙසු සාමාජිකයෝ සහ බෙයිජිං නුවර විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයෝ ඊට එක් වූහ.

ෂී ජින් පිං ජනාධිපතිවරයා සහ රජයේ නිලධාරීහු එහි සිටි කලාකරුවන් සමග සුහද ව අදහස් හුවමාරු කරමින් එකිනෙකාට ආචාර කළහ. නව වසර පිළිගැනීම සඳහා පැවති එම ඔපෙරා සංදර්ශනය චීනයේ විවිධ සාම්ප්‍රදායික ඔපෙරා සහ නවීණත්වයෙන් යුත් ඔපෙරා නිර්මාණවලින් සමන්විත ය. එහිදී ඔපෙරා කලාකරුවන්ගේ දස්කම් එහි සිටි‍ ප්‍රේක්ෂකයන්ගේ ඇගයීමට ලක් විය. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ සංස්කෘතික චින්තනය පෙරදැරි කරමින් සංස්කෘතික ප්‍රගමනය වෙනුවෙන් කැප කරන චීන ඔපෙරා කලාකරුවන්ගේ උද්‍යෝගය එමගින් පෙන්නුම් කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම