අපනයන ආදායම ඩොලර් මිලියන දස දහස ඉක්මවයි
2023-12-29 20:19:25
Share with:

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 10,878ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

වැඩිම අපනයන ආදායමක් උපයා ගෙන ඇත්තේ ඇමරිකාවෙනි. එය ඇමරිකානු ඩොලර් මිලියන 2500 ඉක්මවයි. ඊට අමතරව යුරෝපා සංගමය, දකුණු ආසියාව, අග්නිදිග ආසියානු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්, අප්‍රිකානු රටවල් සහ මැද පෙරදිග රටවල් වෙත ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයනය කර තිබෙන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම