2024 විශ්වාසයේ හා අපේක්ෂාවේ වසරක් විය යුතු බව ජගත් මහලේකම්වරයා කියයි
2023-12-29 12:01:14
Share with:

එක්සත්භාවය සහ නැවුම් අපේක්ෂා සහිතව උදාවන නව වසර පිළිගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ජගත් ප්‍රජාවෙන් ඉල්ලා සිටී. 2024 නව වසරේ උදාව නිමිත්තෙන් නිකුත් කරන ලද වීඩියෝ පණිවිඩයක දී ඔහු මේ බව පැවසුවේ, පසුගිය වසරේ අත්හදා බැලීම් සහ පීඩා ආවර්ජනය කරමින් සහ එකමුතුකම හා බලාපොරොත්තුව පිළිබඳ දැක්මක් ලොවට ඉදිරිපත් කරමිනි.

ගෙවී යන 2023 දුක් වේදනා, ප්‍රචණ්ඩත්වය මෙන්ම සහ දේශගුණික අර්බුද සහිත වසරක් වූ බව හෙතෙම පැවසීය. මනුෂ්‍යත්වය වේදනා විඳිමින් සිටී. එසේම අපගේ ග්‍රහලෝකය අනතුරක පවතින අතර, 2023 ඉතිහාසයේ වාර්තාගත උණුසුම්ම වසර ද වූ බව ඔහු සිහිපත් කළේය.

වර්තමානයේ දරිද්‍රතාවය සහ කුසගින්න බොහෝ මිනිසුන් පීඩාවට පත් කර ඇත. ගැටුම් සහ යුද්ධ හේතුවෙන් ජාතීන් අතර විශ්වාසය පිරිහෙමින් පවතී. එහෙත්, මනුෂ්‍යත්වය ශක්තිමත් වන්නේ සියලුදෙනා එක්සත් වීමෙන් පමණක් බව ජගත් මහලේකම්වරයා අවධාරණය කරයි.

2024 යනු විශ්වාසය නැවත ගොඩනැගීමට සහ බලාපොරොත්තු යළි දැල්වීම සදහා වන වසරක් විය යුතු බව ද හෙතෙම පෙන්වාදෙයි.

දේශගුණික විපර්යාස පිළිබඳ තීරණාත්මක පියවර ගැනීම, ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සහ  වඩාත් සාධාරණ ගෝලීය මූල්‍ය පද්ධතියක් ස්ථාපනය කිරීම යන පියවර සමගින් ලෝකය එක්ව පෙරට යා යුතුය.

සාමය, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් උදෙසා ලෝකය පෙළගැස්වීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ නොසැලෙන කැපවීම ද ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා යළිත් තහවුරු කර ඇත. සාමය, සතුට පිරි සුබ නව වසරක්ලො

වට උදාවේවා යි හෙතෙම ශුභාශිංසනය කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම