වඩාත් සුබවාදී ලෝකයක් උදෙසා තම වගකීම් ඉටුකරමින් පෙරට යන චීනය
2023-12-29 10:28:11
Share with:

චීනය මේ වනවිට “ඉහළ ජාත්‍යන්තර බලපෑමක් සහිත,නූතන යුගයට සරිලන නායකත්වයක් සහ සදාචාරාත්මක ආකර්ෂණයක් සහිත සැලකිය යුතු ප්‍රධාන රටක්” බවට පත් ව තිබේ. පසුගිය 27, 28 දෙදින චීනයේ බෙයිජිං අගනුවර පැවති චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ රැස්වීමේ දී මෙම නිගමනයට එළඹිණ. ඇමරිකාවේ චීන දේශපාලන විද්‍යා සඟරාවේ නියෝජ්‍ය ප්‍රධාන කර්තෘ Josef Mahoney මහතාට අනුව,“චීනයේ විදේශ ප්‍රතිපත්තිය මෑත වසරවල වඩාත් විවෘත,වඩාත් ක්‍රියාශීලී සහ ගෝලීය වශයෙන් සිත්ගන්නාසුලු තත්ත්වයකට” පත් ව ඇත.

මෙම වසරේ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර තත්ත්වය හදිසියේ උත්සන්න වූ අතර, රුසියාව සහ යුක්රේනය අතර ගැටුම ද අඛණ්ඩව පැවතිණ. කැළඹීම් සහ අර්බුද හමුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපති රට ලෙස චීනය, පලස්තීන-ඊශ්‍රායල ප්‍රශ්නය සම්බන්ධයෙන් 2712 යෝජනාව සම්මත කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීය. එසේම, චීනය පලස්තීනයේ විවිධ ප්‍රදේශවලට මානුෂීය ආධාර ද සපයා තිබේ.

මේ වනවිට යථා තත්ත්වයට පත්වන චීන ආර්ථිකය ද අඛණ්ඩව වැඩිදියුණු වෙමින් පවතී. පළමු කාර්තු තුන තුළ,චීනයේ දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර 5.2% කින් වර්ධනය වූ අතර, එය ගෝලීය ආර්ථික වර්ධනයේ ප්‍රබලතම ක්‍රියාකාරකය බවට ද පත් ව ඇත. චීනයේ ප්‍රතිසංස්කරණය සහ විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 45 වැනි සංවත්සරය ද මේ වසරට යෙදී තිබිණ. මෙම වසරේ විදේශ ආයෝජන දිරිගන්වන කර්මාන්ත නාමාවලියේ නව අනුවාදය නිල වශයෙන් ක්‍රියාත්මක කරමින්, චීන ජාත්‍යන්තර පාරිභෝගික භාණ්ඩ ප්‍රදර්ශනය‍, චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සහ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව පවත්වනු ලැබීය. චීනයේ නවීනතම නිදහස් වෙළඳ නියමු කලාපය වන ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත නියමු නිදහස් වෙළඳ කලාපය තුළින් ද චීනය ලොවට සිය ද්වාරයන් විවර කර තිබේ.

“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය ද මෙම වසරට යෙදී තිබිණ. “එක් තීරයක් එක් මාවතක්”තුන්වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ දී චීනය එම වැඩපිළිවෙළේ උසස් තත්ත්වයේ ඒකාබද්ධ ඉදිකිරීම් සඳහා සහාය දැක්වීමට ක්‍රියාමාර්ග 8 ක් ප්‍රකාශයට පත් කළේය.

2023 වසර අවසානයේ, ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව වන චීන-ඇමරිකානු සබඳතා අඩාල වීම නතර වී, ස්ථාවර විය. චීන සහ ඇමරිකානු රාජ්‍ය නායක දෙපළ අතර පැය හතරකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලය වූයේ අනාගතය වෙනුවෙන් ප්‍රකාශයට පත්කෙරුණු“San Francisco දැක්ම”යි.

දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ 28 වැනි පාර්ශ්වික සම්මේලනය ද මේ වසරේ ඓතිහාසික ඉදිරි ගමනක් ඇරඹීය. චීනය මීට අදාළ විවිධ කරුණු හා සම්බන්ධ උපදේශන සඳහා පුළුල් ලෙස මැදිහත් වී ඇති අතර, සම්මේලනයේ ධනාත්මක ප්‍රතිඵල වෙනුවෙන් ද වැදගත් දායකත්වයක් ලබා දී ඇත.

2023 වසරේ දී චීනය බලසම්පන්න රාජ්‍යයක් ලෙස, ප්‍රශස්ත ක්‍රියාකාරකම් ඔස්සේ තම වගකීම් සහගතභාවය මැනැවින් ලොවට කියාපෑමට සමත් ව තිබේ. 2024 වසරේ දීත් චීනය ලෝකය සමඟ වඩාත් හිතකර ලෙස අන්තර් සම්බන්ධතා පවත්වමින්, එක්සත් ව පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමේ ඉලක්කය කරා පෙරට ගමන් කරනු ඇත.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම