ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කොලරාඩෝ ප්‍රාන්තයේ අවස්ථාව හිමි වන විට තවත් ප්‍රාන්තයකින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට බාධාවක්
2023-12-29 13:11:47
Share with:

2021 වසරේ ඇමරිකාවේ කැපිටල් කෝලාහලයට මැදිහත් වීමේ චෝදනාව මත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකා ජනාධිපතිවරණයේ ප්‍රාථමික මැතිවරණයට ඉදිරිපත් වීමේ නුසුදුස්සකු බව තීරණය කෙරේ. ඊයේ(28) ඇමරිකා මේන් ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම් ෂෙනා බෙලෝස් එම තීන්දුව ප්‍රකාශ කර තිබේ

එයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම පැවසුවේ එම තීන්දුවට එරෙහිව ප්‍රාන්ත උසාවියට අභියාචනයක් ඉදිරිපත් කරන බවයි. ඒ සමගම ෂෙනා බෙලෝස්ගේ තීන්දුව අත්හිටවූ අතර මේන් සහ අනෙකුත් ප්‍රාන්තවල ඡන්දය සඳහා ට්‍රම්ප්ට පෙනී සිටිය හැකි ද යන්න පිළිබඳ අවසාන තීන්දුව ඉහළම අධිකරණයෙන් ලබා දීමට නියමිතය.

එමෙන්ම කොලරාඩෝ ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම් ජෙනා ග්‍රිස්වෝල්ඩ් ඊයේ (28) තහවුරු කළේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම 2024 ප්‍රාන්ත ජනාධිපතිවරණයේ ප්‍රාථමික ඡන්ද පත්‍රිකාවට ඇතුළත් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියත් සමග බවයි.

කෙසේ වෙතත් කොලරාඩෝ ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම්  අවධාරණය කළේ ට්‍රම්ප්  ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ 3 වැනි වගන්තිය යටතේ 2021 ජනවාරි 6 වැනි දින සිදු වූ සිදුවීම හේතුවෙන් මැතිවරණයට  නුසුදුස්සෙකු බවයි.

මෙම තින්දුවට අභියාචනයක් පැවැත්වීමට නියමිතව ඇති අතර එය ජයග්‍රහණය කළහොත් ට්‍රම්ප්ට මතුවන බාධාව ඉවත්ව යනු ඇත. ඉදිරි ජනාධිපතිවරණයේ ප්‍රාථමික මැතිවරණය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා ලෙස ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ වනවිට ඉල්ලීම් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම