ගෝලීය අර්බුදයන් ගෙන් නොසැලී සිය ආර්ථිකය ශක්තිමත් කර ගන්නා චීනය
2023-12-29 14:31:31
Share with:

චීනය ගෝලීය අර්බුදයන් ගෙන් නොසැලී සිය ආර්ථිකය ස්ථාවරවත් වර්ධනීයවත් පවත්වාගෙන යාමට සමත්ව ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලී මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පවසයි. අනාගත ගෝලීය ආර්ථික අපේක්ෂාවන්ට එය ශක්තිමත් පදනමකි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග චීනය ක්‍රියාත්මක කරන ව්‍යාපෘති විශේෂයෙන්ම එක් තීරයක් එක් මාවතක් වැනි ප්‍රධාන ව්‍යාපෘති මගින් රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගීත්වය වර්ධනය කිරීමට හේතුවී ඇත. චීනය විද්‍යා හා තාක්ෂණ සහයෝගතා ප්‍රවර්ධනය කරමින් එම රටවල් අතර ආර්ථික මෙන්ම සංස්කෘතික ක්ෂේත්‍රයන් සමග සම්බන්ධ වී සිදු කිරීම‍ට අපේක්ෂිත ආයෝජන වැඩපිළිවෙල විශේෂයෙන් අවධානයට ලක්විය යුත්තක් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. වර්තමානයේ දී චීනය ඉතා වැදගත් උපායමාර්ගයක් ක්‍රියාත්මක කරමින් සිටී. එනම් තම රටේ ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීමේ දී ගෝලීය ක්‍රියාවලියට එක්වෙමින් එය තම රටේ ජාතික ආර්ථික හා ජාතික සංවර්ධනයට  සම්බන්ධ කර ගන්නා ආකාරය පිළිබඳ දක්වන අවධානයයි. මෙම නව අත්දැකීම් පාදක කර ගනිමින් ගෝලීය ප්‍රවනතාවලට අනුව කටයුතු කිරීම දැකගත හැකිය. මීට පෙර බටහිර කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙලට වඩා දියුණු ආර්ථික වැඩපිළිවෙලක් චීනය දියත් කර ඇති බවද මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම