වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද ජනතාව වෙනුවෙන්ම කැපවන චීන ජනපති
2023-12-29 19:36:10
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජනතා හිතවාදී රාජ්‍ය නායකයෙකු බව 2023 වසරේ ‍විවිධ අවස්ථාවලදී යළි යළිත් ඔප්පු වී ඇත.

මෑතකදී වයඹදිග චීනයේ Gan Su පළාතේ Ji Shishan කෝරළයේ භූමිකම්පාවක් සිදුවීමෙන් පසු ජනතාවගේ ජීවිත හා දේපළ  උපරිමයෙන් ආරක්ෂා කරන්නැයි ෂී ජින් පිං මහතා වහාම උපදෙස් ලබාදී තිබේ. මීට පෙර හෙතෙම ඊසානදිග චීනයේ Hei Longjiang පළාතට ගොස් ගංවතුරට ගොදුරු වූ ප්‍රදේශවල ජනතාවගේත්, බෙයිජිං  සහ හබෙයි පළාතේ ගංවතුර හේතුවෙන් පීඩා විඳි ජනතාව අතරට ගොස් ඔවුන්ගේත් සුවදුක් විමසා බැලීය. තමාට හිමි තනතුර ජනතාව විසින් ලබා දෙන ලද්දක් බැවින් සෑමවිටම ජනතාව තමා  සිතේ ඉහළින්ම තබා ගත යුතු බව චීන ජනාධිපතිවරයා නිරතුරුව පවසයි. 2023 වසරේ ෂී ජින් පිං ජනාධිපතිවරයා ප්‍රමුඛ චීන මධ්‍යම රජය ජනතාව කේන්ද්‍රගත සංවර්ධන පිළිවෙත් අනුගමනය කරමින් ජනතාවගේ ජීවිත තවදුරටත් නගා සිටුවමින් රටේ සංවර්ධන ප්‍රතිඵල වඩාත් සාධාරණ අයුරින් සමස්ත ජනතාවට බෙදා දීමට කටයුතු කර ඇත.

කෘෂිකර්මය, ගොවි ජනතව සහ ග්‍රාමීය ප්‍රදේශ කෙරෙහි චීන ජනාධිපතිවරයා දක්වා ඇත්තේ ඉහළ අවධානයකි. 2023 වසරේ කෙතරම් කාර්යබහුල වුව ද ග්‍රාමීය ප්‍රදේශවලට ගොස් ගොවි ජනතාවගේ ජීවිත හා කෘෂිකාර්මික කටයුතු පිළිබඳ විමසා බැලීම ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ පුරුද්දකි. පසුගිය අප්‍රේල් මස හෙතෙම Guang Dong පළාතේ Mao Ming නගරයේ Baiqiao ගම්මානය නිරීක්ෂණ කළේ ය.චීනයේ ප්‍රසිද්ධ ලයිචී වගාබිම් සතු එම ගම්මාන වැසියන්ගේ ජීවන තත්ත්වයන් හෙතෙම විමසීය. පසුගිය ජූලි මස හෙතෙම 2008 වසරේ විශාල භූමිකම්පාවකට ලක් වූ Shan Xi පළාතේ Han zhong නගරයට ගොස් එහි ජනතාවගේ සුව දුක් සොයා බැලීය. මෙවන් නිරීක්ෂණ චාරිකා 2023 වසරේ චීන ජනාධිපතිවරයා බොහෝ වර සිදු කර තිබේ. එපමණක් නොව වයස්ගත පුද්ගලයන්ගේ සුබසිද්ධිය සෑමවිටම චීන ජනාධිපතිවරයාගේ සිතේ රැඳී ඇත.මේ වසරේ සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු කාලයේ හෙතෙම වීඩියෝ ආකාරයෙන් වැඩිහිටි නිවාසවල ජ්‍යේෂ්ඨ පුරවැසියන් සමග සම්බන්ධ වී ඔවුන්ගේ සැප දුක විමසීය.

 සුන්දර ජීවිතය පිළිබඳ ජනතාවගේ අවශ්‍යතා හා අපේක්ෂා සපුරා ගනිමින් සියලු ජනකොටස්වල ජීවන මට්ටම ඉහළ නංවා ගනිමින් රටේ සියලු ජනතාවගේ ආරක්ෂාව, සතුට හා තෘප්තිය වෙනුවෙන් තමා හා තම රජය කටයුතු කරන  බව 2023 වසරේ චීන ජාතික දින භෝජන සංග්‍රහයේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා කියා සිටියේ ය.ඒ සඳහා හෙතෙම වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද රට හා ජනතාවට සේවය කර ඇතැයි අමුතුවෙන් කිව යුතු නැත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම