2023 දී යැංසි ගංගා ඩෙල්ටා දුම්රිය මගී පරිමාව වාර්තාගත ලෙස ඉහළම අගයකට
2023-12-29 14:28:58
Share with:

2023 වසරේ යැංසි ගංගා ඩෙල්ටා දුම්රිය මාර්ගයේ ගමන් කළ වාර්ෂික මගීන්ගේ සංඛ්‍යාව මිලියන 800 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව වාර්තාගත ඉහළම අගයක් බව අද (29) චීන ෂැංහයි දුම්රිය කාර්යාංශය නිවේදනය කළේ ය. මේ වනවිට යැංසි ගංගා ඩෙල්ටා දුම්රිය මාර්ගයේ සමස්ත ක්‍රියාකාරී දුර කිලෝමීටර් 14,000 කට වඩා වැඩි වන අතර එහි ඇති අධිවේගී දුම්රිය මාර්ග ගණන 25 කි. එය චීනයේ වඩාත්ම සංවර්ධිත අධිවේගී දුම්රිය ජාලයක් ඇති කලාපයක් ද වේ.

මෙම වසරේ දී යැංසි ගංගා ඩෙල්ටාවේ ඒකාබද්ධ සංවර්ධනය ජාතික උපායමාර්ගයක් බවට පත්වීමේ පස්වැනි සංවත්සරය සනිටුහන් කරයි. යැංසි ගංගා ඩෙල්ටා දුම්රිය මගී ප්‍රවාහන සේවා බුද්ධිමය ස්වයංක්‍රීය තාක්ෂණය ඔස්සේ සක්‍රියව සිදු වෙමින් මගී ප්‍රවාහන සේවා සඳහා විශාල දත්ත, කෘතිම බුද්ධිය සහ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණ යන උසස් තාක්ෂණයන් අනුක්‍රමිකව යොදා ගෙන ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම