මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව අධිකාරියක්
2023-12-29 20:20:20
Share with:

මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය මහ බැංකුව නිසි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා ඉදිරියේදී එම කටයුතු සිදුකිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට පියවර ගන්නා බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.

ඔහු සඳහන් කලේ 2005 වසරෙන් පසු නිසි ලෙස ආර්ථිකය පාලනය කිරීමට මහ බැංකුවට නොහැකිවීම හේතුවෙන් වර්තමාන ආර්ථික කඩා වැටීම සිදුවී ඇති බවය.

ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

බදු පැනවීම හේතුවෙන් කෙටිකාලීනව පීඩාවට පත්වුවද දිගුකාලීන ප්‍රතිලාභ අත්විය හැකි බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම