වත්මන් ලෝක අභියෝගයන්ට විසඳුම් ලෙස චීන ජනපතිගෙන් යෝජනා දෙකක්
2023-12-29 16:51:44
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු පිළිබඳ රැස්වීමේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් දේශනයක් පවත්වයි. එම රැස්වීම ඉකුත් 27 වැනිදා හා 28  වැනිදා බෙයිජිංහිදී පැවැත්විණ.

වර්තමාන ලෝකය මුහුණ දෙන විවිධ අභියෝගයන් විසඳිය යුත්තේ කෙසේ ද? ඒ සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා විසඳුම් දෙකක් ඉදිරිපත් කළේය.

පළමුවැන්න, සමානාත්මතාවය සහ විධිමත් බව සහිත බහු-ධ්‍රැවීය ලෝකයක් ගොඩ නැගීමයි. එනම් සියලු රටවල් සමානාත්මතාවය අනුගමනය කරමින් අධිපතිවාදයට විරුද්ධ විය යුතු බවයි. එමෙන්ම ජාත්‍යන්තර සබඳතාවලදී ප්‍රජාතන්ත්‍රීකරණය සහ සැබෑ බහුපාර්ශ්විකත්වය ප්‍රවර්ධනය කළ යුතුය.

දෙවැන්න, පොදු ප්‍රතිලාභ සහිත ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීමයි. එනම් සියලුම රටවල, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතාවලට අනුකූල විය යුතු අතර, ගෝලීය සම්පත් බෙදා හැරීමේ දී රටවල් අතර සහ රටවල් තුළ ඇති වන සංවර්ධනයේ අසමතුලිතතාවය විසඳිය යුතු බවයි. සියලු ආකාරයේ ඒකපාර්ශ්විකත්වයට සහ ආරක්ෂණවාදයට දැඩිව විරුද්ධ වෙමින්, වඩාත් විවෘත, ඇතුළත්, විශ්වීය වශයෙන් ප්‍රයෝජනවත් සහ සමතුලිත දිශානතියක් කරා ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කළ යුතුය.

මෙම යෝජනා දෙක ෂී ජින් පිං මහතාගේ රාජ්‍යතාන්ත්‍රික චින්තනයේ ප්‍රායෝගිකත්වය මනාව පිළිබිඹු කරයි. නිරන්තර ගෝලීය අභියෝග පවතින වර්තමා‍නයේදී, එවැනි පැහැදිලි ප්‍රකාශ සමස්ත මානව වර්ගයාගේ සංවර්ධනයට සහ ඉරණමට වගකිව යුතු ප්‍රධාන රටක ආකල්පය ද මනා ලෙස පිළිබිඹු කරනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම