චීනයේ විදේශ වෛද්‍ය ආධාර කණ්ඩායම් යොමු කිරීමේ 60 වැනි සංවත්සරය චීන ජනපති ප්‍රධානත්වයෙන්
2023-12-29 19:02:55
Share with:

චීනයේ විදේශ වෛද්‍ය ආධාර කණ්ඩායම් යොමු කිරීමේ 60 වැනි සංවත්සරය වෙනුවෙන් සැමරුම් හා ඇගයීමේ සම්මන්ත්‍රණයක් පැවැත්වේ.එය අද(29) බෙයිජිං හිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී නියෝජිතයන් හමු වී ඔවුන් සමඟ ඡායාරූපයන්ට එක්විය. ෂී ජින් පිං මහතා එහිදී ඔවුන්ට උණුසුම් සුබ පැතුම් එක් කළ  අතරම, විදේශ වෛද්‍ය ආධාර මෙහෙයුම් සිදු කිරීමේදී දිවි අහිමි වූ සහෝදරවරුන්ට සිය අවංක සංවේගය පළ කළේ ය.

චීන උප අග්‍රාමාත්‍ය Liu Guozhong මහතා එම සම්මන්ත්‍රණයට එක්වෙමින් දේශනයක්  කළේ ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විදේශ වෛද්‍ය  ආධාර කටයුතුවලට ඉහළ අවධානය යොමු කරන අතර, ෂී ජින් පිං මහතා කටයුතුවල ජයග්‍රහණ සම්පූර්ණයෙන්ම අගය කරන බව, Liu Guozhong මහතා සඳහන් කළේ ය. ගෙවී ගිය වසර 60ක් තුළ, චීන විදේශ වෛද්‍ය කණ්ඩායම් ආධාර ආදරය හා වෛද්‍ය කුසලතා මගින් විවිධ රටවල ජනතාවට සේවය සලසා ඇති අතර එය, එම රටවල රජයන් හා ජනතාවන්ගේ ඉහළ පැසසුමට ලක්ව තිබේ. 

මෙම සම්මන්ත්‍රණයේ දී, විදේශ වෛද්‍ය ආධාර කටයුතු පිළිබඳ විශිෂ්ට කණ්ඩායම් 30 ක් සහ විශිෂ්ට පුද්ගලයින් 60 දෙනෙකු ඇගයීමට ලක් විය. ඇගයීම් ලබා ගත් නියෝජිතයෝ දේශන පැවැත්වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම