විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අනුමත කළ දුරකතනයක් මිලදී ගන්නා ලෙසට දැනුම්දීමක්
2023-12-28 16:00:48
Share with:

ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අනුමත කළ දුරකතනයක් මිලදී ගත යුතු බව විදුලි සංදේශ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක් දැයි තහවුරු කරගත යුතුය.

මෙම තහවුරු කර ගැනීම කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් සිදුකළ හැකි බව කොමිසමේ අනුකුලතා අධ්‍යක්ෂිකාව කියා සිටී.

ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15 කින් යුත් IMEI අංකය 1909 වෙත එවීමෙන් දුරකථනයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගත හැකි බවද ඇය කියා සිටියාය.

 

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම