චීන මාධ්‍ය සමූහය, 2023 වසරේ වැඩිම අවධානය යොමු වූ දෙස් විදෙස් ප්‍රවෘත්ති 10 ලැයිස්තුව නිකුත් කරයි
2023-12-28 14:26:46
Share with:

චීන මාධ්‍ය සමූහය, 2023 වසරේ වැඩිම අවධානය යොමු වූ දෙස් විදෙස් ප්‍රවෘත්ති 10 ලැයිස්තුව නිකුත් කරයි.

වැඩිම අවධානය යොමු වූ දේශීය ප්‍රවෘත්ති 10 මෙසේ යි.

1  14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ පළමු සැසිවාරයෙන් නව නායක මණ්ඩලය තෝරා පත්කෙරේ. ෂී ජින්පිං මහතා චීන ජනාධිපති හා මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ධුරවලට ඒකමතිකව තේරී පත්වෙයි.

2 නවයුගයේ චීන ලක්ෂණයෙන් යුතු සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ චින්තනය අධ්‍යයනය කිරීම හා අනුගමනය කිරීම පිළිබඳ ඉගෙනුම් මෙහෙයුමක් සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය තුළ පැවැත්වේ.

3 චීනය නව කොරොනා වසංගතය පාලන මෙහෙයුමෙන් අංගසම්පූර්ණ ජයග්‍රහණ දිනා ගනී.

4 චීන ආර්ථිකය ප්‍රශස්ත ලෙස පුනරුත්ථාපනය වෙමින් ප්‍රධාන අපේක්ෂිත ඉලක්ක සපුරා ගනී.

5 එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ජාත්‍යන්තර සහයෝගතා සම්මේලනයක් සාර්ථකව පැවැත්වේ.

6 චීනයේ පෞද්ගලික අංශ ආර්ථිකය සවිබල ගැන්වීමේ යෝජනාව නිකුත් කෙරේ.

7 වස‍රේ සමස්ත ධාන්‍ය නිෂ්පාදන ධාරිතාව ටොන් හැටනව කෝටි පනස්හතර ලක්ෂ දස දහසක් ලෙස නව ඓතිහාසික වාර්තාවක් පිහිටුවයි. 

8  31 වැනි ලෝක විශ්වවිද්‍යාලීය සිසුන්ගේ ක්‍රීඩා උළෙල හා  19 වැනි හන්චෞ ආසියානු ක්‍රීඩා උළෙල සාර්ථකව පැවැත්වේ.

9 උතුරු චීනයේ සිදුවූ ගංවතුර පිළිබඳ ආපදා කටයුතු හා යළි සංවර්ධනය සඳහා යුවාන් ට්‍රිලියනයක රාජ්‍ය භාණ්ඩාගාර ණයපත් මධ්‍යම රජය විසින් අතිරේක වශයෙන් නිකුත් කෙරේ.

10 චීනයේ අතිනවීන විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රය ස්වාධීන පර්යේෂණ සහ සංවර්ධන හැකියාව අතින් ස්ථාවර හා ශක්තිමත් වෙමින් ජයග්‍රහණ රැසක් දිනා ගනී.

වැඩිම අවධානය යොමු වූ විදේශීය ප්‍රවෘත්ති 10:

1 චීන නායකයාගේ රාජ්‍යතාන්ත්‍රිකත්වයෙන් මෙහෙයවනු ලැබූ ජාත්‍යන්තර සම්බන්ධතා, නොසන්සුන් ලෝකයට නිශ්චිතතාව එකතු කරයි.

2 එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය නිමිත්තෙන් විවිධ රටවල නවීකරණය සඳහා චීනය ‘මෙහෙයුම් අටක්’ නිකුත් කරයි.

3 ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර යළිත් සටන් ඇරඹේ.

4 චීනයේ මැදිහත්වීම යටතේ සෞදි අරාබිය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව යළි ගොඩනැගේ.

5 ලෝක ආර්ථිකය අසීරුවෙන් පුනරුත්ථාපනය වෙද්දී චීන ආර්ථික වර්ධනයෙන් ගෝලීය සංවර්ධන විශ්වසනීයත්වය උත්තේජනය කෙරේ.   

6 රුසියානු - යුක්‍රේන යුද තත්ත්වය අඩාල වෙයි.

7 ෂැන්හයි සහයෝගතා සංවිධානයේ හා බ්‍රික්ස් ක්‍ර‍මවේදයේ සාමාජිකත්වය ව්‍යාප්ත වෙයි. අප්‍රිකානු රාජ්‍ය සංගමය ජී 20 කණ්ඩායමට එක් වෙයි.

8 El Nino ක්‍රියාකාරීත්වයෙන් ලොව පුරා බරපතල කාලගුණ විපත් නිරන්තරයෙන් සිදු වෙයි. වසර 2023 ඉතිහාසයේ ‘උණුසුම්ම’ වර්ෂය ලෙස සටහන් වෙයි.

9 කෘත්‍රිම බුද්ධි තාක්ෂණය කඩිනමින් වර්ධනය වීමත් සමග සංවර්ධනයට මෙන් පාලනයටත් අවධානය යොමු කරන ලෙස ජගත් ප්‍රජාව ඉල්ලයි.

10 ඇමරිකානු ඉතිහාසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයෙක්  ප්‍රථම වතාවට ඡන්ද විමසීමකින් ඉවත් කෙරේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම