චීන සහ ඇමරිකානු හමුදා මාණ්ඩලික ප්‍රධානීන් අතර වීඩියෝ සංවාදයේදී ධනාත්මක ප්‍රතිඵල අත්කර ගැනේ
2023-12-28 20:00:11
Share with:

චීන මධ්‍යම හමුදා කොමිසමේ සාමාජික හා මධ්‍යම හමුදා කොමිසමේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී Liu Zhenli මහතා, පසුගිය 21වැනිදා ඇමරිකානු ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානීන්ගේ සභාපති Charles Quinton Brown Jr. මහතාගේ ආරාධනාවට අනුව, ඔහු සමඟ වීඩියෝ සංවාදයක නිරත වෙයි.

මේ පිළිබඳ චීන ජාතික ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක Wu Qian මහතා පෙන්වා දුන්නේ, පසුගිය මාසයේ, චීන සහ ඇමරිකා රාජ්‍ය නායකයින් අතර සිදුවූ සැන්ෆැන්සිස්කෝ හමුවේදී, සමානාත්මතාවය සහ ගෞරවය යන පදනම මත දෙරට හමුදා අතර සන්නිවේදනය නැවත ආරම්භ කිරීමට එකඟ වූ බවයි. දෙරට නායකයින්ගේ මෙම එකඟතා ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙන්ම, දෙරට පොදු අවධානයට ලක්වන කරුණු පිළිබඳව, Liu Zhenli මහතා සහ Charles Quinton Brown Jr. මහතා 21වැනිදා පැවති වීඩියෝ සංවාදයේ දී අවංක සහ ගැඹුරු ලෙස අදහස් හුවමාරු කර ගත්හ. මෙම සංවාදයේදී ධනාත්මක සහ ඵලදායී ප්‍රතිඵල අත්කර ගැනීමට හැකිවිය. නිශ්චිත හුවමාරු ව්‍යාපෘති සම්බන්ධයෙන් දෙරටේ ආරක්ෂක දෙපාර්තමේන්තු සන්නිවේදනය සහ සම්බන්ධීකරණය පවත්වෙමින් සිටින බව, Wu Qian මහතා සඳහන් කළේ ය .

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම