චීනය හා සම්බන්ධ ඍණාත්මක වගන්ති ඇතුළත් ඇමරිකාවේ “2024 ජාතිකාරක්ෂක නීති පනත ” ට චීනයේ විරෝධය
2023-12-28 09:43:25
Share with:

චීනය හා සම්බන්ධ ඍණාත්මක වගන්ති ඇතුළත් “2024 මුල්‍ය වසරේ ජාතිකාරක්ෂක නීති පනත” ඇමරිකාව සම්මත කර ඇත.මේ සම්බන්ධයෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ විදේශ කටයුතු කමිටුවේ ප්‍රකාශක Xu Dong මහතා අදහස් දැක්වීය. 

චීනය හා සම්බන්ධ ඍණාත්මක වගන්ති සහිත එම නීති පනතෙන් තායිවාන ප්‍රශ්නයට අයුතු ලෙස මැදිහත්වීම මෙන්ම  චීනය සමග උපායමාර්ගික තරඟයක් පැවැත්වීම දිරිමත් කර ඇති අතර චීනය තර්ජනයක් වන බව ප්‍රකාශ කර ඇත.එමගින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදහත්වී චීනයේ ස්වාධිපත්‍ය, සුරක්ෂිතභාවයට හා සංවර්ධන ජයග්‍රහණයන්ට දරුණු ලෙස හානි සිදු වන අතර මේ සම්බන්ධයෙන් චීනය ඇමරිකාවට දැඩි විරෝධය පළ කරන බව ද හෙතෙම පැවසීය.

සීතල යුධ මානසිකත්වය සහ මතවාදයට ඇති පක්ෂපාතීත්වය අත්හැර දමා අදාළ නීති පනතේ ඇති චීනය හා සම්බන්ධ සෘණාත්මක වගන්ති ක්‍රියාත්මක නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. ඇමරිකාව චීනය සමග එක්ව සැබෑ ක්‍රියාවන් මගින් දෙරටේ නායකයන් San Francisco හමුවීමේදී ඇති කර ගත් එකඟතාවන් ක්‍රියාත්මක කළ යුතු බව ද Xu Dong මහතා එහිදී පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම