රට හමුවේ ඇති අභි‍යෝග ජයගැනීමට එක්වන ලෙසට ජනපති ගෙන් සියලු දේශපාලන පක්ෂවලට ආරාධනයක්
2023-12-28 16:01:51
Share with:

ස්ථාවර ආර්ථිකයක් ගොඩනැඟීම සහ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම රට හමුවේ ඇති ප්‍රධාන වගකීම් බැවින් කුමන පක්ෂයක් නියෝජනය කළද එම අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් තමා සමඟ එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂ වෙත නැවත ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම සංහිඳියාවට අදාලව මෙතෙක් නොවිසඳී ඇති ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීම තම අපේක්ෂාව බව පැවසු ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් එළැඹෙන මාර්තු මාසයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ බදුල්ල, ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමිනි.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම