“විසිපස් අවුරුදු තාරුණ්‍යය - චීන-දකුණු අප්‍රිකා මිත්‍ර සහයෝගීතාව” වාර්තා වැඩසටහන් ප්‍රේක්ෂකයා හමුවට
2023-12-28 13:55:07
Share with:

“විසිපස් අවුරුදු තාරුණ්‍යය - චීන-දකුණු අප්‍රිකා මිත්‍ර සහයෝගීතාව” වාර්තා වැඩසටහන් මාලාව චීන මාධ්‍ය සමූහය මගින් නුදුරේදී  විකාශය කෙරේ. එය චීන මාධ්‍ය සමූහයේ සහ දකුණු අප්‍රිකානු විකාශන සංස්ථාවේ සම-නිෂ්පාදනයකි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ දකුණු අප්‍රිකාවේ සිව්වැනි නිල සංචාරය, චීනය සහ දකුණු අප්‍රිකාව අතර රාජ්‍යතාන්ත්‍රික කටයුතු, ආර්ථික සහයෝගීතාව සහ මානව හා සංස්කෘතික හුවමාරු සහයෝගීතාවයේ ප්‍රතිඵල වැනි තේමා ඔස්සේ මෙම වාර්තා වැඩසටහන් නිර්මාණය කර ඇත. එසේම, චීනය සහ දකුණු අප්‍රිකාව අතර අන්‍යෝන්‍ය වශයෙන් පවතින යහපත් ‍සහ පොදු ජයග්‍රාහී මානව බැඳීම් මෙන්ම ශිෂ්ටාචාර අධ්‍යයන මේවායේ ආකර්ෂණීය ලෙස ඇතුළත් කර තිබේ.

මෙවර විකාශය කෙරෙන සෑම වාර්තා වැඩසටහනක්ම මිනිත්තු 30 ක කාලයකින් නිමවා ඇත.

මෙම වැඩසටහන් අද (28) සිට දෙසැම්බර් 30 වැනිදා දක්වා චීන මාධ්‍ය සමූහයේ චීන භාෂා ජාත්‍යන්තර නාලිකාව, CGTN ඉංග්‍රීසි නාලිකාව සහ CGTN වාර්තා වැඩසටහන් නාලිකාව ඔස්සේ ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරේ. දෙසැම්බර් 29 - 31 දක්වා CGTN ප්‍රංශ නාලිකාව සහ අරාබි නාලිකාව ඔස්සේ ද ඒවා විකාශය කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම