අනාගත චීන රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳව චීන ජනපති ගෙන් උපදෙස්
2023-12-28 21:04:43
Share with:

චීන මධ්‍යම රජයේ විදේශ කටයුතු සමුළුව පැවැත්වේ.

එම සමුළුව ඊයේ (27) සහ අද (28) බෙයිජිං හිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට එක් වෙමින් දේශනයක් පැවැත්වීය.

හෙතෙම සිය දේශනයෙන් ගෙවුණු දශකයේ චීන ලක්ෂණයෙන් යුත් රාජ්‍ය නාත්ත්‍රිකත්වය ලබාගෙන ඇති ජයග්‍රහණ හා අත්දැකීම් සම්පිණ්ඩනය කළ අතර නව යුගයේ චීනයේ විදේශ කටයුතු මුහුණ දී සිටින ජාත්‍යන්තර පරිසරය හා කාලීන කාර්යයන් පහදා දුන්නේ ය. ගෙවුණු දශකයේ චීනය විදේශ කටයුතුවලදී බොහෝ අභියෝග ජයගෙන චීන ලක්ෂණයෙන් යුත් රාජ්‍ය තාන්ත්‍රිකත්වය නිර්මාණය කර ඇති බවත්, මේ වන විට චීනයේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය වඩාත් ස්වාධීන හා සක්‍රීය වී ඇති බවත්, හෙතෙම පැවසීය. වත්මන් කාලයේ සහ ඉදිරියේ රටේ විදේශ කටයුතු ‍සඳහා ද ‍චීන ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

ඉදිරියේදී චීනයට නව උපාය මාර්ගික අවස්ථා උදා වනු ඇත. එබැවින් චීනයේ ජාත්‍යන්තර බලපෑම් තවත් ඉහළ තලයකට ගෙන යා යුතු ය. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික චින්තනය අනුව ඉදිරියේ විදේශ කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව එම සමුළුවේ මුලසුන දැරූ චීන අග්‍රාමාත්‍ය ලි ච්‍යං මහතා අවධාරණය කළේ ය. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීම ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ රාජ්‍ය තාන්ත්‍රික චින්තනයේ කේන්ද්‍රීය සංකල්පයයි. චීනය දේශීය වශයෙන් චීන ලක්ෂණයෙන් යුත් නවීකරණ ක්‍රියාදාමය පවත්වාගෙන යන අතර ජාත්‍යන්තර වශයෙන් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය කේන්ද්‍ර කර ගනිමින් විදේශ කටයුතු වඩාත් ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යා යුතු බව එම සමුළුවේදී අවධාරණය කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජිකයෝ හා චීන උප ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ රජයේ නිලධාරීහු, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව, චීන වාණිජ අමාත්‍යාංශය ඇතුළ රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීහු එම සමුළුවට එක් වූහ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම