ඇමරිකාවේ අවි ප්‍රචණ්ඩත්වයෙන් මියගිය සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළට
2023-12-28 14:38:38
Share with:

මේ වසරේ ඇමරිකාවේ ගිනි අවි සම්බන්ධ සිද්ධීන‍් ගෙන් 42000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

ඇමරිකාවේ“අවි ප්‍රචණ්ඩ සිද්ධීන් පිළිබඳ ලේඛනාගාරයේ” වෙබ් අඩවිය ඊයේ(27) මේ බව වාර්තා කළේය.  එම සිද්ධීන්ගෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 35 දහසකට අධිකය. ඔවුන් අතරින් අවි සම්බන්ධ සිදුවීම් හේතුවෙන් බාලවයස්කරුවන් 1600කට වැඩි පිරිසක් මිය ගිය අතර 4000කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

ඒ පිළිබඳව ඇමරිකානු මාධ්‍ය පෙන්වා දුන්නේ, වඩා වැඩි බාලවයස්කරුවන් අවි හිංසනයට ගොදුරු වන බවයි. අවි ප්‍රචලිත වීම සහ පාලනයෙන් තොර අධීක්ෂණය යනාදී සමාජ සාධක තරුණ තුවක්කු ප්‍රචණ්ඩත්වය වැඩිවීමට හේතු වී ඇතැයි ද එහි සඳහන් වේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම