'යුක්තිය' මෙහෙයුමෙන් සැකකරුවන් 1422 දෙනෙකු අත්අඩංගුවට
2023-12-28 16:02:52
Share with:

'යුක්තිය' මෙහෙයුමෙන් ඊයේ  (27) රට පුරා සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත් බව ‍පොලීසිය පවසයි. ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 37 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 73 දෙනෙකු ද අත් අඩංගුවට පත්ව තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම